මරණ දැන්වීම්




 

නිමල් ශාන්ත ලොකුබාලසූරිය මහතා - මැටිරියල් ටෙස්ටින් පුද්ගලික ආයතනයේ විධායක අධ්‍යක්ෂක වූද කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය නිලධාරිණී චන්දිමා වීරසේනගේ ස්වාමිපුරුෂයා වූද කොළඹ 07 රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය රෝචන හා මලිකා යන අයගේ දයාබර පියාණන් වූද පියසේන ලොකුබාලසූරිය (නැසීගිය) ජොසපින් විජේසුරියගේ පුතණුවන් වූද කොටුගොඩ බෙනට් වීරසේන හා ජයන්ති වීරසේන යන අයගේ බෑණනුවන් වූද සුපුන්, චමරි, දම්පල්, චම්පා යන අයගේ මස්සිනා වූද නැදගමුව කොටුගොඩ නාගවානාරාම පාරේ අංක 9 හී පදිංචිව සිටි නිමල් ශාන්ත ලොකුබාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු 2012.07.28 දින සවස 4.00 ට උඩුගම්පල ආදාහනාගාරයේදී සිදු කෙරේ. 193287

ලලිතා කුලතුංග මහත්මිය - මාතර කඹුරුගමුව සූරියබණ්ඩාර වත්තේ නැසීගිය සැම්සන් කුලතුංග මහතාගේ ආදරණීය භාර්යාව වූද රාජ්, ශිරෝමී, සන්ධ්‍යානි, මනරම් සහ ප්‍රබෝධි යන අයගේ පි‍්‍රය මෑණියන් වූද සුමිත්‍ර ඩී සේරම්, නන්දන වැලිවිට, දීප්ති ගුණසේකර, ජගත් කීනවින්න සහ ගයනි ජයසුන්දර යන අයගේ නැන්දණිය වූද විනීතා දහනායක, නැසීගිය මුතුලතා ගුණවර්ධන සහ නැසීගිය කාලිංග පලිහක්කාර මහතාගේ සොහොයුරිය අභාවප්‍රාප්ත වූයෙන් ආදාහනය ජූලි 28 සවස 3.30 ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. 193284

චන්ද්‍ර කාන්ති (චන්දි) ද සිල්වා මහත්මිය - නෙවිල් ද සිල්වාගේ ආදරණීය භාර්යාවවූද මෙලනි (එක්සත් ජනපදය) බිමල් (ස්විට්සර්ලන්තය) සන්ජීවනී (එක්සත් ජනපදය) චින්තු (දකුණු අපි‍්‍රකාව) යන අයගේ මෑණියන්වූද, නීල් නුගේරා (එක්සත් ජනපද) රිෆ්කා ද සිල්වා (ස්විට්සර්ලන්තය) වියේසිං (එක්සත් ජනපදය) යන අයගේ නැන්දනිය වූද චන්ද්‍ර කාන්ති (චන්දි) ද සිල්වා මහත්මිය ස්විට්සර්ලන්තය, ඉසුල්විනිහිදි ජූලි 24 දින අභාවප්‍රාප්ත විය. මැන්සිනිහි, ඩූප්ස් ආදාහනාගාරයේදී ප.ව. 5.00 ට ආදාහනය සිදු කිරීම සඳහා 26 වැනි දින ප.ව. 2.00 ට දේහය නිවසින් පිටත්වෙයි. ඇයට නිවන්සුව අත්වේවා. 193401
 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා