රජයේ සංවර්ධන වැඩපිළිවෙළට ඇතැම් බලවේග අකුල් හෙළනවා

රජයේ සංවර්ධන වැඩපිළිවෙළට ඇතැම් බලවේග අකුල් හෙළනවා

- ඇමැති බැසිල් රාජපක්ෂ

එදා ත්‍රස්තවාදය පැරදවිම සඳහා සිදුකළ සාර්ථක මෙහෙයුමට අකුල්හෙලු අකාරයටම වත්මන් රජය ගෙනයන සංවර්ධන වැඩපිළිවලට අකුල් හෙළීමට ඇතැම් බලවේග කටයුතු කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජය හා රණවිරුවන් යුද්ධය ජයග්‍රහනය කළ පරිදිම අකුල් හෙළන කිසිදු බලවේගයකට ඉඩ නොදී රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙනයන බවද ඒ මහතා සඳහන් කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ වැලිවේරිය නගරයේ ඉදිකළ දිවි නැඟුම නව සතිපොළ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ තිස්වසරක යුද්ධය අවසන්කළ රජය මේ වනවිට ජනතා අවශ්‍යතා හදුනාගනිමින් රටපුරා සැම ප්‍රදේශයකම විදුලිය, පානිය ජලය, වාරි මාර්ග, ග්‍රාමිය මාර්ග හා මහා මාර්ග, පාසල්, මාතෘ සායන, සති පොල වැනි සියළු යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට පියවර ගෙන ඇති බවත් ඊට අමතරව අධිවේගි මාර්ග, මහා පරිමාණ ජලාශ, විදුලි බලාගාර, වරායන් වැනි සංවර්ධන ව්‍යාපෘතිද සාර්ථකව සිදුකරන බවත්ය.

වැලිවේරිය සතිපොළ අදියර දෙකක් යටතේ ඉදිකිරිම් සිදු කරන අතර එහි ප්‍රථම අදියර යටතේ ඉදිකර ඇති කොටසේ එළවළු වෙළෙඳසල් 36 ක්, රෙදි සහ විසිතුරු භාණ්ඩ වෙළෙඳසල් 8 ක්, කරවල වෙළෙඳසල් 12 කින් යුක්ත වෙයි.

එහි දෙවන අදියර යටතේ එළවළු වෙළෙඳසල් 36 ක්, දෙමහල් ගොඩනැඟිල්ලක ස්ථිර කඩ කාමර 32 ක් හා මස් හා මාලු වෙළඳ සැල් 7 ක් අයත් වන අතර එහි ඉදිකිරිම් මෙවන විටත් ක්‍රියාත්මක වෙයි.

දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බන්ඩාරණායක, අපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ති‍්‍ර රුවන් විජේවර්ධන, මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා