හොර පාරෙන් ඔස්ට්‍රේලියා යන්න ගිහින් අතරමං වූ 28ක් බේරා ගැනෙති

හොර පාරෙන් ඔස්ට්‍රේලියා යන්න ගිහින් අතරමං වූ 28ක් බේරා ගැනෙති

ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට ගොස් මුහුදේ අතරමංව සිටි පුද්ගලයන් 28 දෙනකු නාවික හමුදාව බේ‍රාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 300ක් පමණ දුරින් පිහිටි මුහුදේදී මේ පිරිස ගමන්ගත් යාත්‍රාව යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අනතුරට පත්ව තිබෙන අතර එය දැන ගැනීමත් සමඟ වහාම ක්‍රියාත්මක වී අනතුරට පත් යාත්‍රාව බේරා ගැනීමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ‍කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා සඳහන් කළේය.

වෙළෙඳ නෞකාවක් මාර්ගයෙන් අදාළ පුද්ගලයන් බේරාගැනීමට කටයුතු කළ අතර පසුව නාවික හමුදා නෞකාවක ආධාරයෙන් මේ පිරිස ඊයේ (29) පෙරවරුව වනවිට ගාල්ල වරායට රැගෙන ආ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාව බලා යාමට මේ පිරිස පසුගිය 13දා වාලච්චේන ප්‍රදේශයෙන් පිටත්ව ගොස් තිබෙන බවට අනාවරණය කරගත් බවත් මෙලෙස බේරාගත් පිරිස අතර පිරිමින් 23 දෙනෙකු, කාන්තාවන් සිව් දෙනෙකු සහ කුඩා පිරිමි ළමයෙකු සිටි බවද ඔවුන් යාපනය, මුලතිවු, මඩකලපුව, වැල්ලවත්ත හා වවුනියාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවද කමාන්ඩර් කෝසල වරුණකුලසූරිය මහතා පැවසීය.

වැඩිදුර විමර්ශනය සඳහා මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා