තිලකා ඉගැන්වූ බෲනායි පිලට 91-13ක පෙරැළිකාර ජයක්

තිලකා ඉගැන්වූ බෲනායි පිලට 91-13ක පෙරැළිකාර ජයක්

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ මුල්වරට එක්වූ ‍බෲනායි කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ලකුණු 91-13ක් ලෙස පෙරැළිකාර ජයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ හිටපු ජාතික පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනෙවියගේ උපදෙස් මත ක්‍රීඩා පිටියට පිවිසි බෲනායි ක්‍රීඩිකාවෝ තරගයේ මුල සිටම ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක් දැක්වීම කාගේත් අවධානයට යොමුවිය.

පළමු තරගයේදී මාලදිවයින සමග 26-26ක් ලෙස ලකුණු සමවිය.

මේ තරගාවලියේ දී බෲනායි පිල 5වැනි ස්ථානයට පත්වීමට අපේක්ෂා කරන බව පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනෙවිය තරග ආරම්භයේදීම පැවැසුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා