නාවික හමුදාවට විස්සයි 20 ශූරතාවක්

නාවික හමුදාවට විස්සයි 20 ශූරතාවක්

ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව කඩුලු 6ක ජයක් වාර්තා කළ නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල ආරක්ෂක සේවා කාන්තා විස්සයි20 ක්‍රිකට් ශූරතාව අත්කර ගැනීමට සමත්විය. වැලිසර පැවැති අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ගුවන් හමුදා පිල ඕවර 20 අවසානයේ කඩුලු7කට ලකුණු 96ක් රැස් කළ අතර නාවික හමුදා පිල ඕවර 19.5කදී කඩුලු 4ක් පමණක් දැවී ජය වාර්තා කළේය.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ නාවික හමුදා පිලේ සුවිනි ද අල්විස් තරගයේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා