“පුංචි කාලෙ මං”

“පුංචි කාලෙ මං”

ප්‍රකට පුද්ගලයන් ගේ චරිතාපදාන කවදත් ජනප්‍රිය සාහිත්‍යාංගයකි. එයිනුත් ළමා කාලය ඉතා රසවත් ය. ජනප්‍රිය පුද්ගලයන් ගේ ජීවිතයේ එක් සුවිශේෂී කාල පරිච්ඡේදයක් පමණක් ඇසුරු කොට ගෙන පොත පත පළ වීම කලාතුරකින් සිදුවන්නකි.

සාගරිකා දිසානායක විසින් සම්පාදනය කරන ලද “පුංචි කාලේ මං” නමැති මේ කෘතිය සිංහල පාඨකයාට අලුත් ම අත්දැකීමක් ගෙන දෙන්නේ එමඟින් සිංහල සාහිත්‍යයට නවාංගයක් එකතු කිරීමට දරන වෑයමක් සමඟිනි.”

පල්ලේගම සිරිනිවාස මහ නා හිමි,අති පූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල්තුමා, ආගමික ක්‍ෂේත්‍රයේ මහත් ප්‍රසාදයට පත් වූවෝ වෙති. උන්වහන්සේ ගේ ආගමික ජීවිත පිළිබඳ කොතෙකුත් තොරතුරු පළ වී ඇත. එහෙත් ළමා කාලය ගත වූයේ කෙසේ ද, ඔවුන් හැඳුනේ වැඩුණේ කොහේද කෙසේ ද ඒ බොහෝ දෙනා නොදන්නා සැඟවුණු කතාවකි.

“පුංචි කාලේ මං” කෘතිය මඟින් එයාකාරයෙන් ජයලත් මනෝරත්න, ටෝනි රණසිංහ වැනි නාගරික සමාජයේ ජනප්‍රිය චරිත පමණක් නොව සීතල වන්නියේ ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ගේ ද ළමා කාලය පිළිබඳ හරි අපූරු රසබර තොරතුරු අනාවරණය කරයි. දේශපාලනයේ නමගිය පුද්ගලයන් ගේ මෙතෙක් අනාවරණය නොවූ ළමා කාලය පිළිබඳ තොරතුරු ද මෙහි අඩංගුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා