ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට පෙන්වන්න අපි සූදානම්

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට පෙන්වන්න අපි සූදානම්

AUTUMN LANKA TRAVELS කළමනාකාර අධ්‍යක්ෂ
අමල් ඉන්දික හේරත් කප්රුකට කියයි

විදෙස් සංචාරකයන්ට ලබාදෙන සේවා සහතිකය නිසාම අපි අද ‍බොහොම ජනප්‍රියයි

ක්‍රියාකාරී අධ්‍යක්ෂ
ආර්.චානක කුමාර

අසිරිමත් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පියවි ඇසින් දැක බලා ගැනීමට සහ විවේකිව නිවාඩුවක් ගත කිරීම සඳහා ලොව නන්දෙසින් විදේශීය සංචාරකයෝ අපේ රටට ඇදී එති. මෙම සංචාරකයින් කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට ඇතුළුවූ තැන සිට ඔවුන් ආපසු නික්ම යන තෙක් ආගන්තුක සත්කාරය ඉහළින්ම සිදුකොට රට තුළදී ඔවුන්ට අවශ්‍ය සියලු සේවාවන් සැපයීමට AUTUMN LANKA TRAVELS සංචාරක නියෝජිත ආයතනය ඉටු කරන්නේ මහඟු කාර්ය භාරයකි.

විදේශීය සංචාරකයින් අපේ රටට පැමිණි පසු ඔවුන්ගේ පහසුව, ආරක්ෂාව,විනෝදය ආදී කරුණුවලට මුල් තැන දෙමින් කටයුතු කිරීම මෙම සංචාරක නියෝජිත ආයතනයේ ප්‍රධාන අරමුණ වේ. ගාල්ල කොළඹ මහා මාර්ගයේ පයාගල උතුර 3/367 අංකය දරන ස්ථානයේ මේ සංචාරක නියෝජිත ආයතනය පිහිටා ඇත.

අපේ රටට පැමිණෙන විදේශීය සංචාරකයින් වෙනුවෙන් මෙම සංචාරක නියෝජිත ආයතනය කරන මෙහෙවර පැහැදිලි කර ගැනීම සඳහා නොබෝදා මම එම ආයතනය වෙත ගියෙමි. එහිදී මා ඉතා සුහදව පිළිගත් එම සංචාරක නියෝජිත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ එච්.එම්.අමල් ඉන්දික හේරත් මහතා එම තොරතුරු කප්රුකට හෙළි කලේ ය.

පටන් ගත්ත හැටි මුලින්ම බලමු...

2012 වසරේ මුල් කාලයේ අපි මෙම ආයතනය ආරම්භ කළා. මා සමග තවත් තුන් දෙනෙක් ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනවා. ආර්.චානක කුමාර මහතා අපේ සමාගමේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙක්.

විදේශීය රටවල් සමග සම්බන්ධීකරණ කටයුතු කරන්නෙ චානක. මීට අමතරව ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂවරුන් ලෙස ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙක් කටයුතු කරනවා. ROBERTO DE PEDRO මහතා සහ VERA REGEAS මෙනෙවිය එම අධ්‍යක්ෂ තනතුරු දරනවා.

ඔවුන්ගේ විශේෂත්වය වෙන්නෙ මේ විදේශිකයින් දෙදෙනාම ඉතා පිරිසිදු බෞද්ධයින් වීමයි. අපි හතර දෙනාටම මේ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අත්දැකීම් තියන අය. ඒ නිසා ආයතනයේ වැඩකටයුතු කරගෙන යෑම ඉතා පහසුයි. අපේ ආයතනයේ මෙහෙයුම් කළමනාකරු ලෙස නිරෝෂන් රත්නායක මහතා කටයුතු කරනවා.

සංචාරක ව්‍යාපාරයක කාර්යභාරය...

චානක කුමාර විදේශ රටවල සංචාරය කොට එම ‍ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලබා තියනවා. අපේ අනිත් අධ්‍යක්ෂවරුන් දෙදෙනා අන්තර් ජාතික සංචාරක සමාගම්වල ඉහළ තනතුරු දරා බොහෝ අත්දැකීම් ලැබූ අය.

ශ්‍රී ලංකාවේ නීති රාමුව තුළ අපේ ආයතනය ස්ථාපිත කර තියෙන්නෙ. ශ්‍රී ලංකාවට එන විදේශීය සංචාරකයින් සඳහා ඉහළ ගුණාත්මක සේවයක්, දැඩි වගකීමෙන් යුතුව ලබාදීමට හැම විටම කටයුතු කරනවා. ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් චිත්‍රයක් ජාත්‍යන්තර තලයේ නිර්මාණය කිරීම අපේ මූලික අරමුණ වී තියනවා.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය , සංස්කෘතිය, ජාතික උරුමයන්, ඉතිහාසය ඇතුළු තවත් විවිධ ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු අන්තර් ජාලය ඔස්සේ මුළු ලෝකයටම පැහැදිලි කර දෙනව. ශශ්‍රී ලංකාව ලෝකය තුළ ප්‍රමුඛ පෙළේ සංචාරක පාරාදීසයක් කිරීම සඳහා අප විසින් අති විශාල මුදලක් ජාත්‍යන්තර ප්‍රචාරණ කටයුතු සඳහා වැය කළා.

අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය

අපේ ආයතනය ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ චානක කුමාර විදේශ කටයුතු ඉතා සාර්ථකව සම්බන්ධීකරණය කරනව. ඉතාලියේ පුරවැසිභාවය ලබා සිටින චානක එහි සිට පෝලන්තය, රුසියාව, යුක්රේනය, ජර්මනිය, ස්පාඤ්ඤය සහ වෙනත් යුරෝපීය රටවල සංචාරක සමාගම් සමඟ සමීපව කටයුතු කිරීම නිසා අපේ රටට විදේශිකයින් ගෙන්වා ගැනීම පහසු වී තියෙනව. මේ නිසා අපේ ආයතනය හරහා ලබන වසරේ ශ්‍රී ලංකාවට එන විදේශිකයින්ගේ තොරතුරු පවා දැනටමත් අපට දන්වා තියනව.

සංචාරකයන් පිළිබඳ වගකීම...

අපේ ආයතනය ඉතා ආරක්‍ෂාකාරී ලෙස ඔවුන් රට පුරා රැගෙන යනව. ඒ වගේම ඉතා ඉහළ පෙළේ වගකීම් සහිත හෝටල්වල නවාතැන් පහසුකම් සලසනව. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, මහනුවර ආදී ඓතිහාසික නගරවලට අමතරව ඉතා සුන්දර අප්‍රකට ස්ථානවලටත් සංචාරකයින් රැගෙන යෑමට අපේ සමාගම කටයුතු කරනවා.

පහතරට සංචාරක පුරවල පවතින තදබදය අවම කිරීම, රට අභ්‍යන්තරයටත් සංචාරකයින් රැගෙන යෑම, එම ප්‍රදේශවල නිෂ්පාදන අලෙවියට පහසුකම් සැලසීමටත් ඒ නිසා හැකි වෙනව.

අපේ ආයතනය රියදුරන්, මාර්ගෝපදේශකයින් ඇතුළු සංචාරකයින්ට සේවා සපයන හැම කෙනෙක්ම ශශ්‍රී ලංකාවේ කීර්ති නාමය ආරක්‍ෂා වන අන්දමට දැඩි වගකීමෙන් කටයුතු කිරීමට බැඳී සිටිනව. අපේ රටට ඇවිත් රටපුරා සංචාරය කොට ආපසු යන විට නැවතත් අපේ රටට එන මානසික තත්ත්වයක් සංචාරකයින් තුළ ඇතිකිරීමට අපි හැම විට කටයුතු කරනව. බොහෝ සංචාරකයින් සමූහ වශයෙන් අපේ රටට ආවත් තනි පුද්ගලයින් ලෙස ඔවුන්ට සේවය සැපයීමට අපි සූදානම්.

අන්තර්ජාලය ඔස්සේ ශශ්‍රී ලංකාවේ අලුත් දේවල් එදිනෙදා තොරතුරු විදේශ රටවල්වල ප්‍රචාරය කිරීමට අපි සූදානම්. විදේශ රටවලට මේ තොරතුරු විදේශිකයින් මාර්ගයෙන් යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනව. අපි මේ හැම දෙයක්ම කරන්නෙ පරිසරය ආරක්‍ෂා වන අන්දමට.

ගාල්ල කොළඹ මහා මාර්ගයට සමීපව පයාගල උතුර පිහිටි AUTUMN LANKA TRAVELS ආයතනයේ ප්‍රධාන කාර්යාලය

අපේ ආයතනයට සම්බන්ධ රියදුරන්ට මාර්ගෝපදේශකයින්ට ලංකා සංචාරක මණ්ඩලය යටතේ වැඩමුළුවක් පවත්වා ඔවුන්ගේ දැනුම, ආකල්ප වර්ධනය ඛ්ලමට බලාපොරොත්තු වෙනව. ශශ්‍රී ලංකාවේ සුන්දරත්වය නිසා අපේ සමාගම විදේශිකයින්ගෙන් ලබන ආදායමෙන් කොටසක් සමාජයේ යහපත වෙනුවෙන් වැය කිරීමට අපි සූදානම්.

ඒ වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස ගමේ විහාරස්ථානය හරහා තෝරා ගන්නා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනව.

අනාගත සැලසුම්...

සංචාරකයින්ට අවශ්‍ය සියලුම සේවාවන් උපරිම තත්ත්වයෙන් සපයා අපේ සමාගම මෙරට ඉතා ශක්තිමත් සංචාරක නියෝජිත සමාගම බවට පත් කිරීම අපේ අරමුණ වෙනවා.

ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ කේ. චානක කුමාර මහතා ද, AUTUMN LANKA TRAVELS ආයතනයේ කටයුතු පැහැදිලි කළේ මෙසේය.

විදේශ රටවල් රැසක සංචාරය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක්, දැනුමක් මට ලබාගන්න පුළුවන් වුණා.

ඒ නිසා අන්තර්ජාතික සංචාරක ප්‍රවාහන සමාගම් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යමින් රුසියාව, යුක්රේනය, ඉතාලිය, ජර්මනිය, පෝලන්තය, ස්පාඤ්ඤය වැනි රටවල සංචාරකයින් වැඩි වශයෙන් අපේ සමාගම හරහා ශ්‍රී ලංකාවට දැනටමත් එනවා.

එම වැඩපිළිවෙළ ඉදිරියේදී තව තවත් පුළුල් කරනවා. අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට පහසු වී තියෙන්නෙ වසර තිහක් පුරා අපේ රටේ තිබූ යුද්ධය අවසන් කළ නිසයි. මේ උතුම් ක්‍රියාව සිදු කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ශ්‍රී ලාංකිකයින් ලෙස අප ණයගැතියි.

ඒ වගේම වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මේ ප්‍රදේශයේ කෙනෙක්. එතුමාගෙන් අපේ සමාගමට විශාල සහයෝගයක් ලැබෙනව. ඒ පිළිබඳ එතුමාටත් ස්තූතිය පළකරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා