සිසුවියකට පහරදී තුවාල සිදු කළැයි පානදුරේ පාසලක විදුහල්පතිනියකට නඩු

සිසුවියකට පහරදී තුවාල සිදු කළැයි පානදුරේ පාසලක විදුහල්පතිනියකට නඩු

විත්තිකාරියට ලක්ෂයක ශරීර ඇප නියම වෙයි

පානදුර සමූහ කපිල සෝමරත්න

පාසල් සිසුවියකට වේවැල් පහරදී සුළු තුවාල සිදුකිරීමේ චෝදනාව මත පානදුරේ බාලිකා විදුහලක සේවය කළ විදුහල්පතිනියකට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත පානදුර පොලිසිය විසින් 10. 09. 2012 දින නඩු පවරන ලදී.

චෝදනාවට නිවැරැදිකාරිය යැයි පැවසූ විදුහල්පතිනියට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළ පානදුර දිසා විනිසුරු හා අතිරේක මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 07 දිනට කල් දැම්මේය.

එදිනට පැමිණිලිකාරිය ඇතුළු සාක්කිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිතාසි ද නිකුත් කෙරිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා