පදවාගෙන ගිය මෝටර් රථය මිරිස්වත්ත ඇළට වැටී ගනේමුල්ලේ හිටපු මේජර්වරයකු ජීවිතක්‍ෂයට

සැමියා ගමන් ගත් මෝටර් රථය ඇළට වැටී ඔහු මියගොස් ඇති බව ආරංචි වුණා

පදවාගෙන ගිය මෝටර් රථය මිරිස්වත්ත ඇළට වැටී ගනේමුල්ලේ හිටපු මේජර්වරයකු ජීවිතක්‍ෂයට

මල්වාන සමූහ – මහානාම විතානගේ, ගම්පහ මධ්‍යම සමූහ –

ඔලිවර් පෙරේරා, යක්කල විශේෂ – රුවන්ත අධිකාරි

අනතුරට ලක්වූ මෝටර් රිය

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකු පදවාගෙන ගිය මෝටර් රථය පසුගියදා අළුයම මිරිස්වත්ත බෝක්කුව අසලදී පාරෙන් ඉවතට පැන ඇළට වැටීමෙන් මේජර්වරයා මියගොස් තිබේ.

මේ අනතුරින් මියගොස් ඇත්තේ ගනේමුල්ල, කලුවල පාරේ පදිංචිව සිටි විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකු වූ ජේ. පී. ජයතිලක නමැති 50 හැවිරිදි දෙදරු පියෙකි.

මේ පිළිබඳව මරණ පරීක්‍ෂණය ගම්පහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක පී. පී. ආර්. පී. රාජපක්‍ෂ මහතා විසින් ගම්පහ රෝහලේදී පවත්වනු ලැබීය.

මෙහිදී ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් සෝමදාස (18625) මහතාගේ සාක්කි මෙහෙයවීම යටතේ සාක්කි දුන් මියගිය තැනැත්තාගේ බිරිය වන ඒ. ඉන්ද්‍රානි නීලමනී ජයසිංහ මහත්මිය (47) මෙසේ කීවාය.

එදින දහවල් 12.30 ට පමණ සැමියා සිය මෝටර් රථයෙන් ගමනක් යනවා කියලා නිවෙසින් පිටත් වී ගියා. රාත්‍රී 8.00 ට පමණ ආපසු එන බව ද ඔහු මා සමඟ කීවා. නමුත් රාත්‍රී 8.00 පසුවෙලත් සැමියා නිවෙසට ආවේ නැහැ. ඒ නිසා මා ඔහුගේ ජංගම දුරකථනයට කතා කළා. පිළිතුරක් ලැබුණේ නැහැ.

ජේ. පී. ජයතිලක

මා මධ්‍යම රාත්‍රිය පසුවෙලත් කෝල් කළා. එයට ද කතා කෙළේ නැහැ. පාන්දර ද කතා කළා. ඒත් කතා කෙළේ නැහැ. උදෑසන වන විට සැමියා ගමන් ගත් මෝටර් රථය මිරිස්වත්තේ බෝක්කුව අසල ඇළට වැටිලා ඔහු මියගිහින් කියලා ආරංචි වුණා.

තැඹිලි වෙළෙන්දකු වන එල්. එච්. සරත් ලාල් මහතා, උදෑසන බෝක්කුව අසල තිබෙන කණුවේ විදුලි පහන නිවා දමන්නට ගියා.

ඒ අවස්ථාවේ ඇළේ මෝටර් රථයක් පාවෙනවා දැක්කා. මා ඒ පිළිබඳ ගම්පහ පොලිසියට දැනුම් ජන්නා. පසුව පොලිසිය ඇවිත් අවට අයගේ ද සහාය ඇතිව මෝටර් රථයේ ඇතුළේ මියගොස් සිටි තැනැත්තා එළියට ගත්තා.

ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද විජේවික්‍රම මහතා විසින් මළසිරුර කපා පරීක්‍ෂා කරන ලදී.

මෙය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවට මරණ පරීක්‍ෂකවරයා නිගමනය කෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා