දිඹුලාගල කලුකැලේ අලිවැටේ ඉදිකිරීම් සම්පූර්ණ කර නෑ

(2012-10-10-11:30) පොළොන්නරුව දිඹුලාගල කලුකැලේ අලි වැටේ ඉතිරි කොටස කඩිනමින් ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීහු වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.මෙහි ඉදිකිරීම් සම්පූර්ණ කර නැති නිසා වන අලි ගම්මානවලට කඩාවැදී නිවාස හා වගාවන් විනාශ කර දමන බව ගම්වැසියෝ කියති.


* අසරණ දෙදරු පියාට 
   ඔබගේ උපකාරය ඕනෑ

* කොරෙක්ස් තහනම්

 


සන්නි­වේ­දන තාක්ෂ­ණය සමාජ වෛරය ‍වපුර­ව­න්නක් නොවිය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 ඔක්තෝබර් 02 කොළඔ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


දිවි නැඟුම පෙත්සම කතානායකට නොදී මහ ලේකම්ට දීමෙන්

ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

කතානායක පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරයි

* පාර්ලිමේන්තු බලතල සීමා කරන්න
  දෙන්න බෑ

* විධායකය-ව්‍යවස්ථාදායකය -
  අධිකරණය සමගාමී විය යුතුයි

දිවි නැඟුම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමේ පිටපතක් කතානායකවරයාට බාර නොදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය.

විස්තර»

දිවි නැඟුම පනත් කෙටුම්පත සියලු පළාත් සභාවල සම්මතයි

ජනපති පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

දිවි නැඟුම පනත් කෙටුම්පත සියලු පළාත් සභාවන්හි සම්මත වූ බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය.මේ පනත් කෙටුම්පත සියලු පළාත් සභාවන්හි සම්මත වු බවට ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයාට දුනුම් දී ඇත.

විස්තර»

ද.ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ජනපති අතින් මීපේ දී විවෘත කෙරේ

දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරිම සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) සිදු කෙරිණි. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට හා යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරන ලද . . . . .

විස්තර»

‘දිනමිණ’ පුවතින් පසු

ණය සහන මණ්ඩලයෙන් විශාල පිරිසකට සෙත
සතියක දී පන්සියයකට පිහිට

ණය පොලී ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටින පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින ණය සහනදායක මණ්ඩලය පිළිබඳව පසුගියදා (3) දිනමිණ පළ කළ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් සතියක් වැනි කාලයක් තුළ පන්සියයක පමණ පිරිසක් එම මණ්ඩලයේ උපදෙස් ලබා ගෙන තිබේ.එපමණක් නොව ‘දිනමිණ’ කාර්යාලයට කතා කළ තවත් විශාල පිරිසක් එම මණ්ඩලය පිළිබඳ විස්තර ලබා ගත්හ.

විස්තර»

මාලිනී යළි මැති සබයට

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මාලිනී ෆොන්සේකා මහත්මිය මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ දී කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (9) යළි දිව්රුම් දුන්නාය. ඉකුත් සැප්තැම්බර් 25 වන දින ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දුන්නාය.

විස්තර»

ලංකා පුවත් පතින් දළදා මාලිගාවට අපහාස කරලා

මහ නාහිමිවරු ජවිපෙ නායකයාට දන්වති

ජනතා විමුක්ති පෙරමුණේ නිල පුවත්පත වන ලංකා පුවත්පතේ ඔක්තෝබර් 7 වැනි දින පළ වූ පුවතක් මගින් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අගෞරවයක් සිදු වී ඇති බැවින් එම ලිපිය පළකිරීම සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහා නාහිමිවරු එම පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටිති.

විස්තර»

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී වසරක් පිරීම නිමිත්තෙන් ඒ මහතාගේ නිවෙසේ පැවැති දානමය පුණ්‍යකර්මයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (9) සහභාගිවූ අවස්ථාවේදී ජනාධිපතිතුමා අතින් කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයට අට පිරිකර පිළිගැන්වූ අයුරු. මේ අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ භාර්යාව හා
පවුලේ ඥාතීන් ද එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් සිල්වා

 

 

බටහිර කොදෙව්වන් මැච් එක ජ‍ය ගත්තයි
පැත්තක් දිනයි පැත්තක් පරදිනු සත්තයි
ක්‍රිකට් සෙල්ලමේ අවසානය තිත්තයි
මේවට වැරදිකරුවා බෝලෙ‍යි පිත්ත‍යි

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast