අසරණ දෙදරු පියාට ඔබගේ උපකාරය ඕනෑ

අසරණ දෙදරු පියාට ඔබගේ උපකාරය ඕනෑ

(2012-10-10-11:10) මීට වසර දහයකට පෙර රඹුක්කන සිදුවූ දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලැබූ වීරකන්දවත්තේ ඒ. එස්. රාජපක්‍ෂ මහතා ආබාධිත තත්ත්වයට පත්වී අන්ත අසරණ වී සිටියි.

එවකට ගුවන් හමුදාවේ බලශක්ති සැරයන්වරයකු ලෙස සේවය කළ රාජපක්‍ෂ මහතා බිරිය සහ දරු දෙදෙනාත් සමඟින් දුම්රියෙන් ගමන් කරද්දී රඹුක්කනදී සිදුවූ අනතුරකින් පුතු හිරාන් විථිලංග මියගොස් ඇත.

රාජපක්‍ෂ මහතාගේ බිරිය වන නාලිනි සමරසිංහ මහත්මිය සහ දියණිය ශානිකා රාජපක්‍ෂ බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

බිරිය සහ දියණිය කලක් ගතවී සුවය ලැබුවත් රාජපක්‍ෂ මහතා තවමත් ලෙඩ ඇෙඳහි පසුවෙයි.

ඔහුගේ සුසුම්නාවට බරපතළ ලෙස හානි සිදුවීම නිසා දෙපයින් නැගී සිටීමට නොහැකිය.

රෝගී තත්ත්වය සුව කිරීමට අමෙරිකානු ඩොලර් 26900ක් අවශ්‍ය බව රාජපක්‍ෂ මහතා පවසයි.

කලක් ජීවිත පරිත්‍යාගයෙන් රට ආරක්‍ෂා කිරීමට උරදුන් ඔහුට සුවයක් ලැබීමට උපකාර කිරීමට යම් කිසිවකු බලාපොරොත්තු වන්නේ නම් එය මහඟු පුණ්‍යකර්මයකි.


 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා