දිවි නැඟුම පනත් කෙටුම්පත සියලු පළාත් සභාවල සම්මතයි

දිවි නැඟුම පනත් කෙටුම්පත සියලු පළාත් සභාවල සම්මතයි

ජනපති පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

දිවි නැඟුම පනත් කෙටුම්පත සියලු පළාත් සභාවන්හි සම්මත වූ බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය.

මේ පනත් කෙටුම්පත සියලු පළාත් සභාවන්හි සම්මත වු බවට ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයාට දුනුම් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය අනුව දිවි නැගුම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පළාත් සභා වෙත යොමු කළ බවත් ඒ අනුව මේ කෙටුම්පත සියලු පළාත් සභාවලින් සම්මතවී ඇති බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැන්වූ බවත් චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

දිනට නියමිත කටයුතු ආරම්භයට පෙර කතානායක නිවේදන ඉදිරිපත් කරමින් චමල් රාජපක්ෂ මහතා මේ බව කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා