ක්‍රිකට් විනිසුරුවෝත් තරග පාවා දෙති?

ක්‍රිකට් විනිසුරුවෝත් තරග පාවාදුන්නාද ?

ක්‍රීඩා ඇමැති සීරුවෙන්!

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම්වලට විනිසුරුවන් සම්බන්ධ බවට ඔප්පු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සූදානමින් සිටී‍.

ඉන්දියාවේ රූපවාහිනී චැනලයක් මගින් අනාවරණය කර ඇති තොරතුරු අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කළහොත් කඩිනම් පරික්ෂණයක් අරඹා සත්‍යය හෙළිකර ගැනීමට අපේක්ෂා කරන බව අලුත්ගමගේ මහතා 'දිනමිණ්'ට පැවැසීය.

“තරග පාවාදීම්වලට අපේ අය හවුල් වේවි කියා මා හිතන්නේ නැ. නමුත් එහෙම වෙලා තියෙනවානම් කිසිම සමාවක් ලැබෙන්නේ නැ.

අයි.සී.සි ය අපට දැනුම්දීමක් කර නැ. එවැනි දැනුම්දීමක් නැතිව අපට පරීක්ෂණ අරඹන්න හැකියාවක් නැ” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

ඉන්දියා රූපවාහිනී චැනලය පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ විනිසුරුවන් තිදෙනකු, පාකිස්තානයේ විනිසුරුවන් දෙදෙනෙකු හා බංග්ලාදේශ විනිසුරුවරයෙකු මේ ක්‍රිකට් තරග පාවාදීම්වලට කැමැත්ත පළකොට තිබේ.

එම රූපවාහිනී නාලිකාව සඳහන් කර ඇත්තේ තරග පාවාදීම්වලට විනිසුරුවන් කැමැත්ත දක්වන ආකාරය වීඩියෝ පට හා හඬ පටවලින් සනාථ කළ හැකි බවය.

මෙවැනි චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ට එල්ලවු මුල්ම අවස්ථාව මෙය වේ.

චෝදනාවලට ලක්වු ක්‍රිකට් විනිසුරුවන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියා-පාකිස්තාන පුහුණු තරගයේදී පාවාදීම්වලට හවුල්වු බවට කරුණු ඉදිරිපත්ව ඇත.

එමෙන්ම එංගලන්ත-ඔස්ට්‍රේලියා පුහුණු තරගයේදීද තොරතුරු පිටස්තර පුද්ගලයෙකුට ලබාදීමට මුදල් ඉල්ලා සිටි බවට තොරතුරු ඇතැයි කරුණු ඉදිරිපත්ව ඇත.

එම පාවාදීමට සම්බන්ධ වුයේ ශ්‍රී ලංකා විනිසුරුවකු බවට චෝදනා කර තිබේ.

එස්.එල්.පී.එල් තරගාවලියේදී ද පාවාදීම් සිදු කිරීමට චෝදනා නැගී ඇති ශ්‍රී ලංකාවේ විනිසුරුවන් තිදෙනා කටයුතු කළ බවට කරුණු ඉදිරිපත්ව ඇත.

එම තරගාවලියට ශ්‍රී ලංකාවේ විනිසුරු­‍ෙවා් 15ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොදනු ලැබූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා