කන්ටේනරයේ ගැටී ත්‍රිරෝද රියෙන් ගිය 3ක් නොඑන ගමන් යති

කන්ටේනරයේ ගැටී ත්‍රිරෝද රියෙන් ගිය 3ක් නොඑන ගමන් යති

නිට්ටඹුව, වේවැල්දෙණිය හන්දියේ දී ඊයේ (9) අලුයම ත්‍රිරෝද රථයක් හා කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් තිදෙනම මිය ගියහ. ත්‍රිරෝද රියැදුරා වූ පිළියන්දල පදිංචිව සිටි ලොකු කොඩිකාරගේ බන්දුල ප්‍රදීප් (32) හා එහි ගමන් ගත් බටුවත්තේ පදිංචිව සිටි හැට හතර හැවිරිදි විජේසූරියගේ සිරිසේන, මාලබේ පදිංචිව සිටි හෙයියන්තුඩුවගේ විජේදාස (63) මහත්වරුන් මියගොස් ඇති බව පොලිසිය පවසයි. කන්ටේනර් රථය ත්‍රිකුණාමලයේ සිට කොළඹට යමින් සිට ඇති අතර ත්‍රිරෝද රිය කොළඹ සිට නුවර දෙසට ගමන් කරමින් තිබී ඇත.

අනතුරවීමත් සමඟම තුවාල ලැබූ දෙදෙනකු වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. අනෙක් තැනැත්තා කෑගල්ල රෝහලට ඇතුළු කිරීමෙන් පසු මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ. ඔහු ඊයේ (09) සවස මියගිය බව පොලිසිය කීය.

කන්ටේනර් රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත. නිට්ටඹුව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා