සමාජවාදී විප්ලවය ඉදිරියට ගෙන යනවා

සමාජවාදී විප්ලවය ඉදිරියට ගෙන යනවා

ජයග්‍රහණයෙන් පසු වෙනිසුවෙලා ජනපති පවසයි

තියුණු ජනාධිපතිවරණ සටනකින් ජයගත් වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් තමා වඩාත් හොඳ ජනාධිපතිවරයෙක් වන බවටත් විරුද්ධ පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවටත් ප්‍රතිඥා දී තිබේ . චාවේස් යළි වෙනිසුයුලාවේ ජනාධිපති ධූරයට පත්වීම එම කලාපයේ වාමාංශික මතධාරී දේශපාලන නායකයන්ට අස්වැසිල්ලක් වි ඇත .

කියුබාවේ නායක රාහුල් කස්ට්‍රෝ, චාවේස් ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් උද්දාමයට පත්වි ඇති අතර මෙය ලතින් අමෙරිකාවේ ජයග්‍රහණයක් බව බොලීවියාවේ ජනාධිපති ඊවෝ මොරාලේස් පවසා ඇත . මේ අතර විරුද්ධ පක්ෂයේ මතයට ද ඉඩකඩ සලසා දෙන ලෙස අමෙරිකාව ඉල්ලා ඇත .

වසර 14ක් තුළ වෙනිසියුලාව පාලනය කළ චාවේස් අතින් පරාජයට පත්වූයේ තරුණ ව්‍යාපාරිකයෙක් වූ සහ හිටපු ප්‍රාන්ත ආණ්ඩුකාරයෙක් වූ හෙන්රික් කැප්රිල්ස් ය . මේ අනුව තවත් වසර හයක් එරට පාලනය කරන්නේ චාවේස්ය . සමාජවාදී විප්ලවය ඉදිරියට ගෙන යන බවට දැඩි අමෙරිකන් විරෝධියෙක් වූ චාවෙස් ප්‍රතිඥා දී තිබේ.

ඡන්දදායකයන් අති බහුතරයක් වු 81 % ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති අතර 55 %ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනිමට චාවේස්ට හැකිවි තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා