ගැහැනු දරුවාගේ අන්තර්ජාතික දිනය හෙට

ගැහැනු දරුවාගේ අන්තර්ජාතික දිනය හෙට

‘ගැහැනු දරුවාගේ අන්තර්ජාතික දිනය’ හෙට (11) දිනට යෙදී තිබේ. ලොව ප්‍රථම වරට පවත්වන ‘ගැහැනු දරුවාගේ අන්තර්ජාතික දිනය’ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උලෙළ හෙට(11) දා උදේ 9.00ට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතාගේ උපදේශකත්වය යටතේඑම අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මේ උත්සවයේ මෙවර තේමාව වන්නේ 'ඔබ අපේ දියණියයි'යන්නයි.

පසුගිය වසරේ නිව්යෝර්ක් නුවර පැවැති කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 55 වන සභාවාරයේදී යෝජනා වී ,එම සංවිධානයේ සියලුම සාමාජික රටවල එකඟත්වයෙන් යුතුව එළඹෙන ලද තීරණයකට අනුව මේ දිනය සෑම වසරකම ඔක්තෝබර් 11 දින සැමැරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තීරණය කරණ ලදි.

මේ අනුව ලෝකයේ සෑම රටකම වාසය කරණ ගැහැනු දරුවන් මුහුණ දෙන ප්‍රබල ගැටළුවලට පාදක වී තිබෙන අධ්‍යාපනය, සෞඛ්‍යය, පෝෂණය, දරිද්‍රතාවය, භාෂාව ,ආගම, ජාතිය, වාර්ලගික තත්ත්වය, වර්ණය, පවුල් ඒකකය, මව්පිය සෙනෙහස, සමාජමය රැකවරණය, ලිංගිකත්වය, මාතෘත්වය, ක්‍රීඩාවහා නවීන තාක්ෂණයආදී විවිධ ක්ෂේත්‍රයන් තුළදී එම දරුවන් මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ යුතු බව මේ දිනය පැවැත්වීමෙන් අරමුණු කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා