ණය සහන මණ්ඩලයෙන් විශාල පිරිසකට සෙත සතියක දී පන්සියයකට පිහිට

‘දිනමිණ’ පුවතින් පසු

ණය සහන මණ්ඩලයෙන් විශාල පිරිසකට සෙත

සතියක දී පන්සියයකට පිහිට

ණය පොලී ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටින පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින ණය සහනදායක මණ්ඩලය පිළිබඳව පසුගියදා (3) දිනමිණ පළ කළ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් සතියක් වැනි කාලයක් තුළ පන්සියයක පමණ පිරිසක් එම මණ්ඩලයේ උපදෙස් ලබා ගෙන තිබේ.

එපමණක් නොව ‘දිනමිණ’ කාර්යාලයට කතා කළ තවත් විශාල පිරිසක් එම මණ්ඩලය පිළිබඳ විස්තර ලබා ගත්හ. එය ලබාගෙන පීඩාවට පත්ව අසරණව සිටි මේ පිරිස අතරින් වැඩි දෙනකු ගේ දොර පවා උගසට තබා අසරණ වූවන්ය. සියයට විස්ස පහළොව ආදී වශයෙන් පොලියට මුදල් ලබාගෙන ඇති මේ පිරිස මෙවැනි ආයතනයක් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම වෙනුවෙන් ‘දිනමිණ’ ට ස්තූතිය පළ කර සිටියහ.

මේ මණ්ඩලයේ පිහිට පතා එන ණය බරින් මිරිකී සිටින පිරිස අතරින් අඩු ආදායම් ලබන නීතිඥ ගාස්තු ගෙවා ගැනීමට නොහැකි අය සඳහා නීති ආධාර කොමිසම යටතේ නොමිලයේ නීතිඥ ගාස්තු ලබා ගැනීමටද අවස්ථාව තිබෙන බව ණය සහනදායක මණ්ඩලයේ ලේකම් ඩබ්ලිව්. ඒ. ගුණදාස මහතා කීය. මේ සඳහා වැඩි විස්තර ලේකම්, ණය සහනදායක මණ්ඩලය, අංක 80, අධිකරණ මාවත , කොළඹ 12 යන ලිපිනයෙන් හෝ දුරකතන අංක 011 - 2334815 හෝ 2334816 විමසා සිටිය හැකිවෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා