මරණ දැන්වීම්




 

ඕ.බී. ඩල්සි අබේකෝන් මැතිනිය - රත්නපුර ලෙල්ලෝපිටිය, නව සන්නස්ගම තේ කර්මාන්ත ශාලා සමාගමේ, අධ්‍යක්‍ෂ, සරත් අබේකොන් මහතාගේ ආදරණීය භාර්යාව වූද, මනුක අබේකෝන් (ඇමරිකාව), මධුක අබේකෝන් (ඕස්ට්‍රේලියාව) යන අයගේ මෑණියන් වූද, ජේසිකා සහ අජන්තීගේ නැන්දණිය වූද, ධම්මිකා ධර්මදාසගේ සොහොයුරිය වූද, නව සන්නස්ගම තේ කර්මාන්තශාලා සමාගමේ අධ්‍යක්‍ෂිකාව සිටි ඕ.බී. ඩල්සි අබේකෝන් මැතිනිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ඔක්තෝම්බර් 10 බදාදා සවස 5.00 ට පැල්මඩුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ. සන්නස්ගම - ලෙල්ලෝපිටිය, රත්නපුර. 262158

ඩෙන්සිල් උපාලි දිසානායක - හර්ෂණී ධම්මිකා හඳපාන්ගොඩගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, සුමනා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යා හරිණි උදාරා දිසානායකගේ දයාබර පියාණන් වූද, සිරිමෙවන් දිසානායක (කැලණිය විශ්වවිද්‍යාලය, නවීන භාෂා අංශය), තමරා දිසානායක (කිවුලහේනයායවත්ත, කලවාන), ආචාර්ය කිත්සිරි දිසානායක (මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය) යන අයගේ දයාබර සොහොයුරා වූද, නිව්ටන් පෙරේරා (කිවුලහේනයායවත්ත, කලවාන), රූබි දිසානායක (බදුරෑලිය), හසන්ති දිසානායක (ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ෂැංහයි, මහජන චීනය) වෛද්‍ය හේමන්ත හර්ෂලාල් දයා හඳපාන්ගොඩ (ලන්ඩන් නුවර, එංගලන්තය) යන අයගේ දයාබර මස්සිනා වූද, කලවාන, කොස්වත්තේ, අංක 57/1 හි විසූ, ඉඩම් හිමි වැවිලිකරු හා ව්‍යාපාරික ඩෙන්සිල් උපාලි දිසානායක මහතා 2012 ඔක්තෝබර් 6 වැනිදා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන්, අවසන් කටයුතු 10 වැනිදා (බදාදා) සවස 3.00 ට කලවාන, කොස්වත්තේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරෙන බව සියලු ඥාති මිත්‍රාදීන් වෙත සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ. 261952

ස්නේහලතා (ස්නේහ) අමරසිංහ මහත්මිය - නැසීගිය ක්ලැරන්ස් අමරසිංහ මහතාගේ දයාබර භාර්යාව වූද, සේනකගේ ප්‍රේමනීය මෑණියන් වූද, රුක්මණීගේ සෙනෙහෙබර නැන්දනිය වූද, යසේන්ද්‍රගේ සදාදරණීය මිත්තනිය වූද, නැසීගිය බියන්කා මුණසිංහ, ග්වෙන් අබේකෝන්, ෆ්‍රාන්සස් විට්ටාච්චි සහ අමිතෝදන විමලකීර්ති යන අයගේ ආදරණීය සොහොයුරිය වූද, ස්නේහලතා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අවමංගල පෙරහැර කොළඹ 05, ස්කෙල්ටන් පාරේ, අංක 20 දරන නිවසින් 2012 ඔක්තෝබර් 10 වන දින බදාදා ප.ව. 4.00 ට පිටත්වේ. ආදාහනය එදින ප.ව. 5.00 ට බොරැල්ල කනත්ත පොදු සුසාන භුමියේදී සිදු කෙරේ. 262212
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා