හදවතට අවනතව ජීවිතය රැගෙන යමු

හදවතට අවනතව ජීවිතය රැගෙන යමු

ලෝක හදවත් දින පසුගිය 29 වෙනි දිනට යෙදී තිබුණි. එකම ලොවක් එක නිවසක් එකම හදවතක් යන්න හදවත් දිනයේ තේමාව ලෙස තෝරා ගැනිණි. ඒ නිසා හදවත් ඇති අය සමඟ හදවත් දිනය ගැන කතා කළ යුතුය.

අනුන්ගේ දුකේ දී උණුවන අනුන්ගේ සැපේ දී සතුටු වන සියලු දෙනාම හදවත් ඇති අය බව ආදරයෙන් සිහිපත් කරමු.

ලෝක හදවත් දිනය පටන් ගත්තේ 2000 වසරේදී ය. හදවත නතර වී ජීවිතය අවසන් කරන ප්‍රධානතම රෝගී තත්ත්වය හෘදයාබාධ ලෙස සැලකේ. ලෝක ජනගහනයෙන් මිලියන 17යි දශම 3ක් හදවත් රෝගවලින් මිය යති. එයින් සියයට 82ක් පහළ සහ මධ්‍යම පන්තියට අයත් ඇත්තෝ වෙති.

හදවත් රෝගවලට බලපාන බරපතළම හතුරා ලෙස වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත්තේ දුම් පානයයි. සිගරට්ටුව ශරීර ගත වී හදවත නාස්ති වන බව පිළිගත් සිද්ධාන්තයකි.

සමහරුන් තේ උගුරක් බොන්නේත් පැණි බීමක රස බලන්නේත් මත්පැන් පානය කරන්නේත් සිගරට් බීමට උත්තේජනයක් ලබාගැනීම සඳහායි. අප හොඳීන් දන්නා ක්‍රීඩාවට සම්බන්ධ සහෘදයකු මෙහිදී හොඳම උදාහරණය ලෙස පෙන්වා දීමට කැමැත්තෙමු.

මත්පැන් කාලක රස බලන්නට සිගරට් 20ක් පානය කරන බව අපි දැක ඇත්තෙමු. මෙයට නිදහසට කරුණු වශයෙන් ඔහු දක්වන්නේ නිවසේ සිටින දින දෙකේදීම සිගරට් එකක්වත් පානය නොකරන බව ය.

එහෙත් අනෙකුත් දින පහේම ඇරියස් කවර් කරන්නට රිසි සේ දුම්පානය කරයි.

ශ්‍රී ලංකාව ද ලෝක හදවත් දිනය ගාලු මුවදොර දී සැමරුවේ ය. ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය ද නො අඩුව ලැබිණි.

හදවත් රෝග නැති කොට නිරෝගීව කාලයක් ජීවත් වීමට සත 5ක් වැය නොවන සේ දිනකට පැය භාගයක ව්‍යායාමයක් සිරුරට දෙන්නේ නම් එය ලොකු ආශිර්වාදයකි.

එසේම බඩජාරීකමට මස් ගිලිනවාට වඩා වැඩිපුර පලතුරු සහ එළවළු ගැනීම අතිශයින් වැදගත් බව වෛද්‍යවරු පවසති.

සියලු ආගම දහමට අනුව අනුන්ට ඊර්ෂ්‍යා නොකොට ආදරයෙන් ජීවිතය ගෙවන සියලු මිනිසුන්ගේ හදවත් හොඳින් ක්‍රියාත්මක වන බව පමණක් අපි දනිමු.

ලෝක හදවත් දිනයේ සෑම දෙනාගෙන්ම වෛද්‍යවරුන් කියා සිටියේ සාක්කුවේ මුදල් නිරපරාදේ වැය නොකොට වෙනත් කාර්යයන් සඳහා හදවතට ;ගීචර වන ආකාරයෙන් ජීවිතය හැඩ ගසා ගැනීම සියලු රෝග නිවාරණයට හේතු වන බව පමණක් කිව හැකිය.

- මහින්ද

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා