ඔක්. මස සංචාරකයන්ගේ පැමිණීම සියයට 15කට වඩා වැඩි වර්ධනයක්

ඔක්. මස සංචාරකයන්ගේ පැමිණීම සියයට 15කට වඩා වැඩි වර්ධනයක්

-සංචාරක සංවර්ධන අධිකාරිය

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණිම සියයට 15.5 කින් වර්ධනය වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව 2011 ඔක්තෝම්බර් මසයේදී සංචාරකයින් 69563 ක් පැමිණ තිබු අතර, එය මේ වරරේ ඔක්තෝම්බර් මාසයේදී 80379 දක්වා ඉහළ ගොස් ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි.

මේ වන විට ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංචාරකයින් ප‍්‍රමාණය පසුගිය 2011 වසරට සාපේක්ෂව 15% කින් ඉහල ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

2012 ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප‍්‍රමාණය 774151 ක් බවත්, මෙම වසරේ සංචාරකයින් පැමිනීමේ දී බටහිර යුරෝපය, ගිණිකොන ආසියාව හා උතුරු ඇමරිකානු කලාපයෙන් පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් සිදුව ඇති බවත් අධිකාරිය පෙන්වා දෙයි.

යුරෝපාකරයේ ජර්මනිය, මහා බි‍්‍රතාන්‍ය, ස්විට්සර්ලන්තය සහ ඉතාලිය යන රටවලින් පැමිණෙන සංචාරකයින් ප‍්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇති බව පවසන අධිකාරිය ආසියානු කලාපයේ මැලේසියාව හා තායිවානය යන රටවලින් පැමිණෙන සංචාරකයින් ප‍්‍රමාණය ද ඉහල ගොස් ඇති බව අධිකාරිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා