මරණ දැන්වීම්

 


ජී. කේ. සෝමරත්න රාලහාමි මණ්ඩාවල - නැසීගිය කරුණාවතී පෙරේරා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද ප්‍රියන්ත කුමාර (ආහාර දෙපාර්තමේන්තුව) දීප්තිකා (බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ) යන අයගේ ආදරණීය පියාණන් වූද ජානකි කුමාරපේලි (විගනකාධිපති දෙපාර්තමේන්තුව) සනත් විජේතුංග (විදුලි බල මණ්ඩලය) යන අයගේ ආදරණීය මාමණ්ඩියවූ විශ්‍රාමලත් ගම්පති සෝමරත්න රාලහාමි අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 24 වෙනි සෙනසුරාදා සිදුකෙරේ. බණ්ඩාරවත්ත, මණ්ඩාවල. 300214

ජුලියන් අනුර සමරසේකර මහතා - මල්ලිකා ලොකුබාලසූරියගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූද ටියුඩර් සමරසේකර හා රීටා (නැසීගිය) ගේ ආදරණීය පුතනුවන්වූද, ඉනෝකා, චමින්ද (ව්‍යාපාරික) සහ නිලුකා ගේ ආදරණීය පියාණන් වූද, තිලංක සේනාධීර සහ ජලීනාගේ ආදරණිය මාමණ්ඩියවූද, ලාල් සමරසේකර (නාවික ඉංජිනේරු) ගේ සොහොයුරා වූද කුමුදිනී ගේ (හීනටියන ධම්මාලෝක ම. වි.) මස්සිනාවූද පියුමි, සයුරි, විනේත්‍රි සහ විමූෂගේ සීයාවූද ජුලියන් අනුර සමරසේකර මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසාන කටයුතු සීදූව රෝ. ක සුසාන භූමියේදී සෙනසුරාදා සවස 4.00 ට සිදු කෙරේ. 300572

ඩී. එල්. ජිනවතී මහත්මිය - (මාලනී) හිටපු ලේක්හවුස් අලෙවි නියෝජිත හෝමාගම දිලිනි පොත්හලේ 254/6 දුම්රියපොල පාරේ කේ. ආරියදාස මහතාගේ ආදරණීය භාර්යාව වූද යුරේෂ් ඉනෝකා කෝට්ටගේ (ව්‍යාපාරික) පුතනුවන් වූද නිල්මිණි නිරංජලා ලේලිය වූද විශ්මි, සනුක මුනුපුරු, මිනිපිරියන්ගේ ආදරණීය මිත්තනිය අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 2012 නොවැම්බර් 23 වන සිකුරාදා සවස 4.00 කිරිබේරිය කැලේ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. නිවස 405, පිටිපන උතුර, හෝමාගම. මෙයට ශෝකයට පත් දරු පිරිස. 301241

එම්. බී ලයනල් ෂෙල්ටන් ප්‍රනාන්දු - මොරටුව අඟුලාන පොදුජය මාවතේ පදිංචිව සිටි චන්ද්‍රලතා ප්‍රනාන්දු මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, නදී (සුචිගත කිරීමේ නිළධාරී - පාර්ලිමේන්තුව), ජයනි (ඉංග්‍රීසි ගුරු මොරවැව සිංහල විද්‍යාලය) සමනළ (මෘදුකාංග ඉංජිනේරු කැම්බියෝ සමාගම) යන අයගේ ආදරණීය පියාණන් වූද දමින්ද සහ සුසිල් යන අයගේ දයාබර මාමණ්ඩිය වූද නැසීගිය ගර්ටි නැසීගිය එස්මින්, මර්වින්, රාජා, යන අයගේ සහෝදරයා වූද විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එම්. බී ලයනල් ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2012.11.23 වන දින ප.ව. 2.30 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. අවසන් බුහුමන් දැක්වීම සඳහා දේහය එදින බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තිබේ. ශෝකයට පත් භාර්යාව සහ දු දරු පිරිස 300770
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා