සාමයේ ඔලිව් අත්ත; අතින් ගිලිහෙයි ද?

ස්වාභාවික භූ තාප මඟින් විදුලිය නිපදවීම ළඟදීම

ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට ස්වාභාවික භූ®තාපය මඟින් විදුලිය නිපදවන දිනය ළඟදීම උදාවන ලකුණු පහළවී ඇතිබව මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥ ආචාර්ය දීපාල් සුභසිංහ මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව කෙරෙන සාර්ථක පර්යේෂණ කීපයක් මේ දිනවල සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

ලංකාවේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ උණුදිය උල්පත් ඇති බව අතීතයේ සිට දැනගෙන සිටියත් වර්තමානයේ පර්යේෂණ තුළින් හම්බන්තොට සූරියවැව මහපැලැස්ස පදියතලාව, මහතාය, ටැම්පිටිය, කපුරැල්ල ආදී පෙදෙස්වල උණුදිය උල්පත් ඇති බවට ස්ථිර ලෙසම ඔප්පු වී ඇත.

මේ අතර මෙහි අංශක 73ක වැඩිම උෂ්ණත්වයක් සහිත උණුදිය උල්පත කපුරැල්ල ප්‍රදේශයෙන් සොයාගත් බවද ආචාර්ය දීපාල් සුභසිංහ මහතා ‘දිනමිණ’ට පැවසීය.

මෙහිදී තම පර්යේෂණය පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණය කළ දීපාල් මහතා මෙසේද කීය.

දැනට තිබෙන තත්ත්වය මත පොළොව මතුපිට සිට කිලෝමීටරයක පමණ දුරකින් උණුදිය උල්පත් මූලය සොයාගතහොත් භූ තාපය අපගේ ජාතික විදුලි පද්ධතියට එක්වන දිනය වැඩි ඈතක නොවේ.

වර්තමානයේ මන්නාරම් ප්‍රදේශයෙන් තෙල් මතුවීමේ සුබදායක ආරංචිය ලැබී තිබියදී රටට භූතාපය ඉපදවීමේ ශක්තිය ඇති බවද පර්යේෂණ තුළින් ඔප්පු වීම රටේ අනාගතය පිළිබඳ සතුටුදායක තත්ත්වයක් බව ආචාර්ය දීපාල් සුභසිංහ මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා