ආරක්‍ෂක ලේකම්තුමා අවංක බව අධිකරණ තීන්දුවෙන් ඔප්පු වුණා

ආරක්‍ෂක ලේකම්තුමා අවංක බව අධිකරණ තීන්දුවෙන් ඔප්පු වුණා

ලක්‍ෂ්මන් හුලුගල්ලේ

ආරක්‍ෂක ලේකම්තුමා මේ රටට කළ සේවය හා ඔහුගේ අවංකත්වය ඊයේ (22) ගල්කිස්ස දිසා අධිකරණය මඟින් ලබාදුන් තීන්දුව මඟින් මනාව ඔප්පු වන බව ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේ මහතා පැවසීය.

සාධාරණ විවේචනයට සෑම විටම කැමති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා “සන්ඩේ ලිඩර්” හි පළවූ අසාධාරණ හා වැරැදි සහගත විවේචනයට විරුද්ධව නීතිය හමුවට ගිය බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

අවශ්‍ය අයුරින් ක්‍රියා කිරීමට බලය හා හැකියාව තිබුණ ද මෙරට පවතින නීතියට අනුව කටයුතු කිරීම එතුමා ගේ මහත්මා ගුණය පිලිබිඹු කිරීමක් බව හුලුගල්ලේ මහතා අවධාරණය කළේය.

මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් මුදාගත් අවංක ශ්‍රේෂ්ඨ නිලධාරියකු වන ආරක්‍ෂක ලේකම්තුමාගේ හා ඔහු නායකත්වය දුන් රණවිරුවන් ගේ චිත්ත ධෛර්යය බිඳ දමන්නට “සන්ඩේ ලීඩර්” පුවත්පත උත්සාහ කර තිබුණු බවත්, ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිබඳ පළ කළ වැරැදි ප්‍රකාශයක් හේතුවෙන් පැවැති පළමු නඩු විභාගයේ දී ඔහු පිළිබඳ ලිපි පළ කිරීමට එම පුවත්පතට තහනම් කළ බවත් හෙතෙම කීය. ඒ පිළිබඳ තැකීමක් නොකර නැවත වැරැදි සහගත අයුරින් ලිපියක් පළ කිරීම හේතුවෙන් ඊයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා