බම්බලපිිටියේ දී ගෙල කපා අයකු මැරූ

බම්බලපිටියේ දී ගෙල කපා අයකු මැරූ සැකකරු අත්අඩංගුවට

බම්බලපිටියේ දී මෝටර් රථයක් තුළ පසුගිය 18දා ගෙල කපා ඝාතනය කළ විජිත ද කොස්තා නමැත්තාගේ ඝාතකයා බම්බලපිටිය පොලිසිය මඟින් ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ – 06 පාමංකඩ පාරේ පදිංචි අබ්දුල් කාදල් මොහොමඩ් නමැති සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ පුත්‍රයා සමඟ අසම්මත ඇසුරක් පැවැත්වීම හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් මුල්කරගෙන මේ ඝාතනය සිදුකළ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

පොල්හේන්ගොඩ, කිරුලපන පදිංචි විජිත ද කොස්තා නමැති මරණකරු නැව් සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කළ අතර පසුගිය 18 වනදා සිය මොටර් රථය තුළදීම ගෙල කපා ඝාතනය කර තිබුණි. සැකකරු අද (23) බම්බලපිටිය පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා