ආබාධිත වොලිබෝල් අවසන් තරග රත්නපුරේදී

ආබාධිත වොලිබෝල් අවසන් තරග රත්නපුරේදී

ආබාධිතවුවන් සඳහා වන ජාතික වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන ජාතික ආබාධිත වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ලබන මස 3වැනිදා රත්නපුර නව නගර ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ සිටගෙන සිට ක්‍රීඩා කිරීමේ තරග, වාඩිවී සිට ක්‍රීඩා කිරීමේ කාන්තා හා පිරිමි හඳුනාගැනීමේ තරග 2-3දිනවලදී රත්නපුරදීත් බිච් වොලිබෝල් සිටගෙන සිට ක්‍රීඩා කිරීම හා වාඩිවී සිට ක්‍රීඩා කිරීමේ පිරිමි/කාන්තා තරග ලබන මස 25වැනිදා කටුනායක ගුවන් හමුදා කදවුරේදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සිටගෙන සිට ක්‍රීඩා කිරීමේ අවසන් පූර්ව තරග පාබල ක්‍රීඩා සමාජය, ගාඩියන්ස් ක්‍රීඩා සමාජය, විජයබා ක්‍රීඩා සමජය හා සිංහ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටි.

තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික සංචිත සඳහා තෝරා ගැනීමට නියමිතය. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දු.ක 0718623123 මගින් ලබාගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා