ජයකොඩිගෙන් තුන් ඉරියව් දස්කම්

ජයකොඩිගෙන් තුන් ඉරියව් දස්කම්

බණ්ඩාරවෙල සාන්ත ‍තෝමස් විදුහලේ එන්.ජයකොඩිගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් මොරටුව වේල්ස්කුමර විදුහල සමග පැවැති අන්තර් පාසල් අවුරුදු 13න් පහළ දෙවන වටය ය‍ටතේ පැවැති දෙවන කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය.

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිමට ලකුණු 127ක්ද දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලකට ලකුණු 129ක් රැස් කළේය. එන්.ජය‍කොඩි පිළිවෙලින් ලකුණු 23ක් හා දෙවන ඉනිමට නොදැවී ලකුණු 63ක් රැස් කිරීමට සමත්විය.

වේල්ස් කුමර විදුහල පළමු ඉනිම ලකුණු 92කට සීමා වු අතර තරගය නතර කරන විට දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 19ක් ලබා සිටියේය.

දක්ෂ පන්දු යැවීමක නිරතවු ජයකොඩි පළමු ඉනිමේදී ලකුණු 27කට කඩුලු 7ක හා දෙවන ඉනිමේදි ලකුණු 4කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත්විය. තරගය පසුගියදා මො‍රටුවේදී පැවැත්විණි.

සාන්ත තෝමස් පළමු ඉනිම-127 කේ.දයාවර්ශන් 43, එන්.ජයකොඩි 23 (දසාන් සමරසිංහ 16/4, රශේන් ප්‍රනාන්දු 12/2) සහ දෙවන ඉනිම-129/1 වි.කවිඳු 63, එන්.ජය‍කොඩි නොදැවී 63

වේල්ස් කුමර පළමු ඉනිම- සචිත් ප්‍රනාන්දු 20 (එන් ජයකොඩි 27/7) සහ දෙවන ඉනිම-19/5 (එන්.ජයකොඩි 4/3, එස්.සමරකෝන් 14/2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා