අළුතැපොළ පාලමේ ඉදිකිරීම් අතරමඟ

අළුතැපොළ පාලමේ ඉදිකිරීම් අතරමඟ

කටාන ඡන්ද කොට්ඨාසයේ මීගමුව අළුතැපොළ මාර්ගයේ 2/1 පාලම ( අක්කර පනහ) ඉදිකිරීමේ කටයුතු අතරමඟ නවතා දමා තිබෙන අයුරුයි මේ.

රුපියල් ලක්ෂ 200ක වියදමින් ඉදිකිරීමට යෝජිත මෙම පාලම සඳහා මුල්ගල තබන ලද්දේ 2012 වසෙර්ය.

පරණ පාලම ගලවා දමා තිබෙන අතර ඒ වෙනුවට බෝක්කු කටවල් දෙකක් දමා තාවකාලික පාරක් දමා තිබේ. දැන් එය මරු කපොල්ලක් බවට පත්ව තිබේ.

මෙම පාලම සෑදීමට ගෙනා යකඩ වැස්සට තෙමී දිරාපත්වීමට පටන්ගෙන තිබෙන බව අසල්වාසීහු පවසති.

මේ නොබෝදා මේ හරහා ගමන් කළ යතුරු පැදි දෙකක් හා ත්‍රීරෝද රථයක්ද අනතුරට ලක්ව ඇත. මේ ගැන වගකිවයුත්තන්ගේ දැඩි අවධානය යොමු වනු ඇතැයි අක්කර පනහ ප්‍රදේශවාසීහු බලාපොරොත්තු වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා