අහිතකර ආහාර රසකාරකයක ඉල්ලුම වැඩිවෙලා ලු

අහිතකර ආහාර රසකාරකයක ඉල්ලුම වැඩිවෙලා ලු

මිනිස් ශරීරයට අහිතකර බවට සනාථ කර ඇති එක්තරා ආහාර රසකාරකයකට ජනතාව අතර සැලකිය යුතු තරමේ ඉල්ලුමක් කුරණ, හඳපාන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වන බවත්, එම ප්‍රදේශයේ සමහර වෙළෙඳසැල්වලින් මෙම රසකාරකයේ කිලෝ ග්‍රෑමයේ ඇසිරුම් පවා බහුලව අලෙවි වන බවත් ඉංගිරිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී හෙළිවිය.

එසේම ඇලුමිනියම් බඳුන්, මයික්‍රොවේවි ආශ්‍රිත නිෂ්පාදන සහ ප්‍රමිතියකින් තොර ජංගම දුරකථන ආදිය භාවිතය නිසා පිළිකා රෝගය ජනතාව අතර බහුලව පැතිරයන බවත්, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අදාළ ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරීන්ගේද සහාය ඇතුව යම් ඵලදායි සැලසුම්සහාගත වැඩසටහනක් සකස් කිරීම කළ යුතු බවත් එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා