ඉන්දියාවේ හොකී තරගාවලියට එක්වූ පාකිස්තාන ක්‍රීඩකයෝ ආපසු යති

ඉන්දියාවේ හොකී තරගාවලියට එක්වූ පාකිස්තාන ක්‍රීඩකයෝ ආපසු යති

සම්ප්‍රදායික ප්‍රතිවාදීන් ලෙස නම් දරා සිටින ඉන්දියාව සහ පාකිස්තාන අතර කාශ්මීර් දේශසීමාව සම්බන්ධව පසුගියදා උද්ගතවූ අර්බුදය හමුවේ ඉන්දියාවේ ‍හොකී ලීග් තරගාවලියට සහභාගි වී සිටින පාකිස්තාන ක්‍රීඩකයෝ නවදෙනා යළි පාකිස්තානයට කැඳවීමට එරට ක්‍රීඩා බලධාරීහූ තීරණය කළහ.

මේ හොකී ලීග් තරගාවලිය පසුගිය සඳුදා ආරම්භ වූ අතර සිය ක්‍රීඩකයන් තව දුරටත් ඊට සහභාගි නොවන බව පාකිස්තාන බලධාරීහූ ඉන්දියාවට දන්වා සිටියහ.

මේ තත්ත්වය යටතේ පාකිස්තාන හොකී ක්‍රීඩකයන් නවදෙනා යළි පාකිස්තානයට පිටත් කරන බව ඉන්දියා ‍හොකී ක්‍රීඩා ප්‍රධානී සහ ලීග් තරගාවලියේ සංවිධායක කමිටුවේ ප්‍රධානී නරින්දර් බට්‍රා ප්‍රකාශ කළේය.

'මේ තරගාවලියට සහභාගිවීමට එම ක්‍රීඩකයන් දැක්වූ උනන්දුව අගය කරන අතර ඔවුන්ට ගිවිසුම්ප්‍රකාරව සම්පූර්ණ තරග මුදල් ලබාදීමට පියවර ගන්නවා. එය දෙරටේ හොකී සංගම් අතර තිබෙන අවබෝධයට ඉතා වැදගත් වේවි.' ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා