බෙත්ලෙහෙමේ ප්‍රථම වතාවට මැරතන් තරගයක්

බෙත්ලෙහෙමේ ප්‍රථම වතාවට මැරතන් තරගයක්

පලස්තීන බටහිර ඉවුරු ඉතිහාසයේ පළමු මැරතන් ධාවන තරගය බෙත්ලෙහෙම්පුරයේ පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. අප්‍රේල් මස 21 පැවැත්වෙන මේ තරගය ඩෙන්මාර්ක කාන්තා ධාවකයන් දෙදෙනෙකුගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන්නකි.

බටහිර ඉවුර ඊශ්‍රායල් පාලනයට නතු අතර එහි පලස්තිනුවන් සතු කුඩා භුමි ප්‍රදේශයේ මේ මැරතන් තරගය පවත්වන බැවින් කිලෝමීටර 42 ක දුරක් බාධාවකින් තොරව ධාවනයේ යෙදීමට තරග කරුවන්ට අවස්ථාවක් නැත. එහෙයින් තරග කරුවන්ගේ අභිමතය අනුව කිලෝමීටර 21.1 ක හෝ කිලෝමීටර 10 ක දුරක් ධාවනයේ යෙදීමට ඔවුනට අවස්ථාව සලසා දීමට තරග සංවිධායකයින් විධිවිධාන යොදා ඇත.

රාජ්‍ය නොවන සංවිධාන කීපයක සහායෙන් පැවැත්වෙන මේ මැරතන් ධාවනය සඳහා විශේෂයෙන් කාන්තාවන් සහභාගි කරගන්නා අතර දැනටමත් අන්තර්ජාතික තරගකරුවන් 100 ක් පමණ ඊට ඉදිරිපත්වන බව ප්‍රකාශ කර ඇත. පලස්තීනුවන් ද සිය ගණනින් ඊට එක්වනු ඇතැයි අපේක්ෂිතය.

තරග සංවිධායකයින් පවසන්නේ පුහුණු ධාවන අවස්ථා දැන් පැවැත්වෙන අතර සතිපතා 30 දෙනා බැගින් ඊට එක්වෙමින් සිටින බවය. පුහුණු අවස්ථාවන්හිදි ඔවුන් කිලෝමීටර 10ක දුරක් ගෙවාගන්නේද අමාරුවෙන් බව පවසන සංවිධායකයින් ඉදිරි සති 6 ක කාලයේදී ඔවුන් කිලෝමීටර 21ක දුර තරණයට හුරුවනු ඇතැයි පවසා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා