උඩුදුම්බර සිසුවියක් දිවි කෙළවර කැරගෙන

උඩුදුම්බර සිසුවියක් දිවි කෙළවර කැරගෙන

උඩුදුම්බර ද්වීතික පාසලේ පහළොස් හැවිරිදි සිසුවියක් ඊයේ (29) පෙරවරු 11.30ට පමණ උඩුදුම්බර ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක් තුළ ගිනි තබාගෙන මියගොස් ඇත.

රුවන්ති කෞෂල්‍ය දිසානායක (15) නම් වූ ඇය උඩුදුම්බර, ද්විතීක පාසලේ අ. පො. ස. සාමාන්‍ය පෙළ පන්තියේ අධ්‍යාපනය හදාරන සිසුවියකි.

අදාළ සිසුවිය ඊයේ පෙරවරුවේ පාසල් ගොස් නැවත වේලාසනින් නිවසට පැමිණ ඇති අතර ඉන් අනතුරුව මේ සිද්ධිය සිදුවන්නට ඇතැයි පොලිසිය කියයි. සිසුවියගේ ප්‍රේම සම්බන්ධයට ඇගේ දෙමාපියන් විරුද්ධ වී අවවාද කිරීම නිසා ඇය සිත්තැවුලට පත්ව මෙලෙස ගිනි තබාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ උපදෙස් මත තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරී ටී. තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කපිල දිසානායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා