මධ්‍යම පළාතේ රාජ්‍ය සේවයට ගෙවුණු මාස 4ට 1000ක් අරන්

මධ්‍යම පළාතේ රාජ්‍ය සේවයට ගෙවුණු මාස 4ට 1000ක් අරන්

මේ වසරේ ගෙවුණු මාස කිහිපය තුළ මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරින් ඇතුළු පිරිස් දහසකට අධික ප්‍රමාණයකට රැකියා ලබාදී තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා ගන්නෝරුවේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොබ්බෑකඩුව මහතා" යහපත් මහජන සේවාවක් ලබාදීම සඳහා පළාතක් විදියට අපි දැඩි කැපවීමකින් කටයුතු කරනවා. පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ කැපවීම සහ සහයෝගය මේ සඳහා උපරිම ලබාදී තිබෙනවා.

අපි මේ මාස කිහිපය තුළ ඉංග්‍රීසි ගුරුවරුන්, තරුණ අරුණ උපාධිධාරීන්, ආදායම් පරීක්ෂකවරුන්, තාක්ෂණ නිලධාරීන්, කෘෂි උපදේශකවරුන් ඇතුළු පිරිස් පවතින පුරප්පාඩු සඳහා බඳවා‍ගනු ලැබුවා.

මහජනතාව තම සේවා අවශ්‍යතා ලබා ගැනීමේදී ඔවුනට බාධාවකින් තොරව තම සේවාව ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසිය යුතුයි. ඒ සඳහා අපි අවධානය යොමු කළ යුතු වෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා