මහනාමගෙන් මාලිංගට දඬුවමක්

මහනාමගෙන් මාලිංගට දඬුවමක්

අයි.පී.එල්.තරගාවලියේ සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම සමග පසුගියදා වෙන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගය අතරතුර දී තරග නිතිරීති උල්ලංඝනය කිරීම මත මුම්බායි ඉන්දියනස් පිලේ වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංගට ඔහුගේ තරග මුදලින් 5%ක දඩයක් පැනවීමට ඒ තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ රොෂාන් මහනාම මහතා පියවර ගත්තේය.

මෙය සිදුවූයේ එම තරගයේ දී සන්රයිස් හයිද්‍රබාද් පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් දවාලමින් මාලිංග ඔහුට පිටියෙන් ඉවත්වීමට කරන ලද නීතිවිරෝධි සංඥාවක් හේතුවෙනි. එමෙන්ම වෝනර් සමග උණුසුම් වචන කිහිපයක් හුවමාරු කරගැනීම හේතුවෙන් ද මාලිංග අයි.පි.එල්.තරග නීතිරීතිවලට අනුව වරදකරුවකු විය. කෙසේවෙතත් එම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල ජයගත් අතර තරගයේ වීරයා බවට පත්වූයේ කඩුලු 4ක් දවාලූ මාලිංගය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා