අනුෂ්ක-නතාෂා මේස පන්දු ශූරතා දිනති

අනුෂ්ක-නතාෂා මේස පන්දු ශූරතා දිනති

ශ්‍රී කාන්තා කාර්ය සංවිධාන මේස පන්දු සංගමය කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් සංවිධාන කළ මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ අනුෂ්ක ගමගේ සම්මාන දිනාගත් අතර කොළඹ විශාඛා විදුහලේ නතාෂා සඳමිනි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය.

අනුෂ්ක පිරිමි විවෘත හා අතරමැදි අංශ දෙකෙන්ම ජයගත් අතර නතාෂා අතරමැදි අංශයේ ශූරතාව හා විවෘත අංශයේ අනුශූරතාව දිනාගත්තාය. විවෘත අංශයේ ශූරිය බවට පත්වූයේ යුද හමුදාවේ කාංචනා වෙලගෙදරය.

ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලිය සමස්ත ලංකා ආධුනික, අතරමැදි හා වයස් කාණ්ඩ ලෙසින් පැවැත්විණි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා