උපාධිධාරීන් රැගත් බසය දෙල්ගොඩදී පෙරැළී 32 කට තුවාල

උපාධිධාරීන් රැගත් බසය දෙල්ගොඩදී පෙරැළී 32 කට තුවාල

මඩකළපුවේ සිට පත්වීම් ගන්න කොළඹ ඇවිත්

සිය පත්වීම් ලිපි ලබා ගැනීම සඳහා මඩකළපුවේ සිට බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය බලා පැමිණෙමින් සිටි උපාධිධාරීන් පිරිසක් රැගත් බසයක් ඊයේ (07) අලුයම දෙල්ගොඩ දරණගම ප්‍රදේශයේදී පෙරළීයාමෙන් එහි සිටි 32 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මඩකළපුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට මේ උපාධිධාරීන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය බලා පැමිණෙමින් සිටි අතර අනතුර සිදුවන අවස්ථාවේදී උපාධිධාරීන් 36 දෙනෙකු බස්රථයේ ගමන් කර ඇත.

අනතුරින් බසයේ සිටි සිව් දෙනෙකු පමණක් නිරුපද්‍රිතව බේරී ඇති අතර සෙසු තිස් දෙදෙනා (32) බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් තිදෙනකු බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහල වෙත යවා ඇත.

බසය පාරෙන් ඉවතට පැනීමේදී තාවකාලික වෙළඳ සැලක්ද පොඩිපට්ටම් වී ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා