චිත්‍රපට ක්‍ෂේත්‍රයට සුබ අනාගතයක් උදා කළ යුතුයි

චිත්‍රපට ක්‍ෂේත්‍රයට සුබ අනාගතයක් උදා කළ යුතුයි

- චිත්‍රපට සංස්ථාවේ සභාපති - ජයන්ත ධර්මදාස

ශ්‍රී ලංකාවට සුබ අනාගතයක් උදාවී තිබෙන බවත් චිත්‍රපට ක්‍ෂේත්‍රයට සුබ අනාගතයක් උදාකරලීමට සකස් කළ වැඩ කොටස ඉටුකරලීම තමාගේ අරමුණ බවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගනිමින් ඊයේ (09) ජයන්ත ධර්මදාස මහතා ප්‍රකාශ කෙළේය.

ජාතික චිත්‍රපටි සංස්ථාවේ නව සභාපති ජයන්ත ධර්මදාස මහතා වැඩ බාර ගැනීමෙන් පසුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කළ අවස්ථාවයි. ඡායාරූපය - සරත් වීරසිංහ

චිත්‍රපට සංස්ථාවේ ඉදිරි සැලැස්ම සඳහා 2010 වසර සඳහා සකස් කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවද ඊයේ (9) ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැති උත්සවයේදී සභාපතිවරයා ප්‍රකාශ කළාය.

ජාතික චිත්‍රපට සංස්ථාව අනවශ්‍ය වියදම් කපාහැර ඇති බව ප්‍රකාශ කළ සභාපතිවරයා, අධ්‍යක්ෂන, නිෂ්පාදන සඳහා චිත්‍රපට සංස්ථාව විශාල කාර්යයක් මේ වනවිට සිදුකර තිබෙන බවද ප්‍රකාශ කළේය.

චිත්‍රපට සංස්ථාවේ කාර්යයන් සඳහා මාධ්‍ය මගින් විශාල සහයෝගයක් ලබාදුන් බව පැවැසූ ජයන්ත ධර්මදාස මහතා සියලු මාධ්‍යයන්ට ස්තුති කරන බවද කීය.

සැළසුම් කර ඇති වැඩ කොටස ඉදිරියට ගෙනයමින් රසිකයාගේ සිට නිෂ්පාදකයා දක්වා සිදුකළ යුතු සේවාව උපරිම අයුරින් සිදුකිරීම තමාගේ කාර්යභාරය බවද ඒ සඳහා ක්‍රියාකරන බවද නව තනතුරේ වැඩ භාර ගනිමින් ජයන්ත ධර්මදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

මේ අවස්ථාවට චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරුන්, ප්‍රවීන නළු නිළියන් ඇතුළු ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා