හිටපු හමුදාපති හමුවෙන්න පවුලේ එක් අයකුට අවසර

හිටපු හමුදාපති හමුවෙන්න පවුලේ එක් අයකුට අවසර

අත්අඩංගුවේ සිටින හිටපු හමුදාපතිවරයා මුණ ගැසීමට පවුලේ එක් අයකුට අවසර ලබාදී තිබේ.

මේ අනුව ඒ මහතාගේ බිරියට සිය සැමියා හමුවීමට අවස්ථාව සැලසෙන බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවැසීය.

හිටපු හමුදාපතිවරයාට අවශ්‍ය නම් නීතිඥ මහතකුගේ සහාය ලබාගත හැකිය. ඔහු නම්කරන නීතිඥවරයෙකුට ඒ සඳහා අවසර ලැබෙන බව සමරසිංහ මහතා සඳහන් කෙළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා