ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ දී කිසිම හිරිහැරයක් කැර නෑ

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ දී කිසිම හිරිහැරයක් කැර නෑ

හිටපු හමුදාපතිවරයා යුද හමුදා පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ රාජකීය මාවතේ ඇති ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ දීය.

අත්අඩංගුවට ගැනීමට බලතල ලැබී ඇති නීතිය කියැවූ හමුදා පොලිස් නිලධාරියා මුලින්ම ජෙනරාල්වරයාට ආචාර කොට තිබේ.

නීතිය කියා දීමෙන් පසු හිටපු හමුදාපතිවරයාට තමා සමඟ පැමිණෙන ලෙසට ඇරැයුම් කැර ඇත.

මේ අවස්ථාවේදී හමුදා පොලිසියට බැන වැදුණු ෆොන්සේකා මහතා පොලිසිය ගෙන එන ලෙස කියා ඇත.

යුද හමුදා පොලිසිය සමඟ යාමට අකමැත්තක් දැක් වූ නිසා ඔහු ඔසවාගෙන යාමට සිදුව තිබේ. එහෙත් ටිකදුරක් ගිය ජෙනරාල්වරයා කිසිදු බාධා කිරීමකින් තොරව යුද හමුදා පොලිසිය සමඟ ගොස් තිබේ.
 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා