දැයට කිරුළ අදින් අවසන්

දැයට කිරුළ අදින් අවසන්

‘දැයට කිරුළ’ මහා ප්‍රදර්ශනය හා සැණකෙළියේ අවසන් දිනය අදයි.

මේ මහා ප්‍රදර්ශනය හා සැණකෙළිය පුරා දින හතක් සාර්ථකව පැවැත්වීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් රජයේ සහ පෞද්ගලික ආයතනයන්හි උසස් නිලධාරීන්ගේ සහ සෙසු නිලධාරීන්ගේ සේවය අතිශයෙන්ම අගය කළ යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා පැවසුවේය.

මේ ප්‍රදර්ශන භූමියේ ඉදි කර තිබෙන ලේක්හවුස් ප්‍රදර්ශන කුටිය නැරඹීම සඳහා ඊයේ (09) අති විශාල පිරිසක් පැමිණ සිටියහ.

මේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඊයේත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ අතර පත්තර මහ ගෙදරට ගොඩ වූ මහජනතාවට පාසල් ශිාෂ්‍ය ශිෂ්‍යාවන්ට දිනමිණ හා සිළුමිණ පුවත්පත් වල මුල් පිටපත් නොමිලයේ ලබාදීම විශේෂ සිද්ධියක් විය.

මේ පිරිස අතර සිටි නැගෙනහිර පළාතේ හා උතුරෙන් පැමිණි දමිළ හා මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද පත්තර මහ ගෙදර නරඹා එම පැරණි පුවත්පත් දෙකේ පිටපත්ද ලබා ගැනීම තවත් විශේෂ සිද්ධියකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා