රට රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 31 ක් වංචා කරලා

රට රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 31 ක් වංචා කරලා

විදෙස් රටවල රැකියා ලබාදෙන බවට පොරොන්දු දෙමින් රුපියල් ලක්ෂ තිස් එකකට අධික මුදලක් වංචා කොට ඇති බවට සැකපිට අත් අඩංගුවට පත් සැකකරුවෙකුට තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සරත්චන්ද්‍ර රත්නසිංහ මහතා විසින් රුපියල් අටලක්ෂයක ශරීර ඇප හා රුපියල් විසි අට දහසක මුදල් ඇප මත මුදාහරින ලෙස නියෝග කැරිණ.

තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ රංජිත් විජේසිංහ ආරච්චිගේ් නමැති සැකකරුට මෙසේ ඇප නියම කරනු ලැබිණ.

ජපන් රටේ රැකියා ලබාදෙන බවට දුන් පොරොන්දු මත මුදල් ලබාදුන් පුද්ගලයන් අටදෙනකු (08) මෙම වංචනික ක්‍රියාව පිළිබඳව තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබූ අතර මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි මස (21) විසිඑක්වන දිනට නියම කෙරිණ.

තංගල්ල පොලිස් කොට්ඨාස පොලිස් අධිකාරී ඒ. ජී. ජේ. චන්ද්‍ර කුමාර, සහකාර පොලිස් අධිකාරී ලයනල් බලගල්ල යන මහත්වරුන්ගේ මග පෙන්වීම මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කාලිංග ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා