හොර පාරෙන් කැනඩා ගිය  තව 4කගේ කොටි පුල්ලි මතුවේ

හොර පාරෙන් කැනඩා ගිය  තව 4කගේ කොටි පුල්ලි මතුවේ

සන් සී නෞකාවෙන් නීති විරෝධී ලෙස කැනඩාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් තවත් සිවු දෙනෙකු විවිධ ජාවාරම්වලට සම්බන්ධ වූවන් හා කොටි ක්‍රියාකාරීන් බවට තහවුරු කරගෙන ඇත.

කැනේඩියානු සංක්‍රමණික හා සරණාගත මණ්ඩලයේ මෙහෙයවීම මත එරට ආරක්ෂක අංශ මේ නීති විරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එය තවදුරටත් ක්‍රියාත්මක බව තානාපති ආරංචි මාර්ග පවසයි.

කැනේඩියානු ජාතික ආරක්ෂාවට මේ පිරිස තර්ජනයක් වන බැවින් ඔවුන් තවදුරටත් රඳවා ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවද එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

කොටි ක්‍රියාකාරීන් බවට තහවුරු කර ගන්නා ලද මේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් සිවු දෙනා මේ වනවිට කැනේඩියානු බන්ධනාගාරයක රඳවා සිටින අතර තවදුරටත් ඔවුන්ගෙන්ද ප්‍රශ්න කරන බව වාර්තා වෙයි.

සංක්‍රමණිකයන් 492 දෙනෙකු රැගත් මෙම සන් සී නෞකාව නීති විරෝධී ලෙස කැනඩාවට පසුගිය අගෝස්තු මාසයේ දී සංක්‍රමණය වූ අතර කාන්තාවෝ හා ළමයි මේ පිරිසට අයත් වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා