ජී.එස්.පී. සහනය අහිමිවීම තාවකාලික තත්ත්වයක්

ජී.එස්.පී. සහනය අහිමිවීම තාවකාලික තත්ත්වයක්

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

ජී. එස්. පී. බදු සහනය අහිමි වීම තාවකාලික තත්ත්වයක් මෙන්ම එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තත්ත්වයක් නොවන බව අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

සෑම වසරකම දෙසැම්බර් මාසයේදී අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය මගින් ඊළඟ වර්ෂය සඳහා ජී. එස්. පී. සහනය දීර්ඝ කිරීමක් සිදු කරන අතර අදාළ වැඩසටහන සඳහා ලෝකයේ රටවල් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී සිටින බව අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ජී. එස්. පී. බදු සහනය ලබන මේ සියලු රටවලට එම තත්ත්වය පොදුවේ බලපාන බවයි. නව කොංග්‍රස් මණ්ඩලය පත්වීමෙන් පසු ජී. එස්. පී. බදු සහනය ලැබීම තරමක් දුරට ප්‍රමාද වී ඇතැයිද හෙතෙම කියා සිටී. කෙසේ වුවද නව පාර්ලිමේන්තු වාරය ආරම්භ වීමත් සමග ජී. එස්. පී. බදු සහනය සම්මත කර ගැනීම සිදු වනු ඇති බවත් ඒ අනුව සියලු රටවලට ජී. එස්. පී. සහනය හිමි වනු ඇති බවටත් වික්‍රමසුරිය මහතා විශ්වාසය පළ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා