ඡන්ද හිමි නාම ලේඛනය ඊයේ සිට ප්‍රදර්ශනයට

ඡන්ද හිමි නාම ලේඛනය ඊයේ සිට ප්‍රදර්ශනයට

ඡන්ද හිමි නාමලේඛනය – 2010 ඊයේ (3) සිට ප්‍රදර්ශනය කිරීමට විධිවිධාන යොදා ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

ඕනෑම කෙනෙකුට ඊයේ (3) සිට මේ මස 31 වෙනි දින දක්වා ඡන්දහිමි නාමලේඛණ පරීක්ෂා කර බැලීමට හැකියාව ලැබේ.

අදාල ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමාගේ නම ලියාපදිංචි නොවී තිබේ නම් එවැනි අයට තමා පදිංචි ග්‍රාමනිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා මගින් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කළ හැක. යම් තැනැත්තෙකුගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුලත්වීම සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් තිබේ නම් ඒවා ප්‍රදර්ශනය කරන කාර්යාලවලට තම විරෝධතාවයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාවන් සලසා දී තිබේ.

ග්‍රාමනිලධාරී කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිසාපති කාර්යාල, පළාත්පාලන ආයතන සහ ප්‍රධාන තැපැල් කාර්යාලවල 2010 ඡන්දහිමි නාමලේඛනය ප්‍රදර්ශනයට තබා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා