බස්නාහිර පළාතේ තවත් උපාධිධාරීන් 469කට ගුරු පත්වීම්

බස්නාහිර පළාතේ තවත් උපාධිධාරීන් 469කට ගුරු පත්වීම්

බස්නාහිර පළාතේ තවත් උපාධිධාරීන් 469 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා වන පත්වීම් ලිපි ප්‍රදානය අද (4) පස්වරු 2.30ට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදුකෙරේ.

මෙවර වාණිජ , කලා හා විද්‍යා අංශවලින් උපාධිය හැදෑරූ උපාධිධාරීන් සඳහා මෙම පත්වීම් ලබාදීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

2008 වර්ෂයේ පැවති ගුරු තරඟ විභාගයේ ප්‍රතිඵල මත මේ පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇති අතර, 2011 නව වර්ෂය සඳහා වන ප්‍රථම උපාධි ගුරු පත්වීම් ප්‍රදානය ද මෙය වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා