පැනගිය සෙබළුන් 50,000ක් ඇල්ලීමට හමුදා මෙහෙයුමක්

පැනගිය සෙබළුන් 50,000ක් ඇල්ලීමට හමුදා මෙහෙයුමක්

පැනගිය සෙබළුන් පනස් දහසක් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගන්නා සෙබළුන් පුනරුත්ථාපනය කර රැකියා පුහුණුව ලබාදී රැකියාවලට යෙදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද යුද හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් උභය මැදිවල මහතා පැවසීය.

යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන්ට හමුදාවට භාරවීමේ පොදු සමා කාලයක් මේ වන විට ලබාදී නැතත් ඔවුන්ට ඔවුන්ගේ රෙජිමේන්තු මූලස්ථාන වෙත ගොස් භාර වීමේ අවස්ථාවක් ලබාදී ඇති බවත් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා