ජනමාධ්‍ය ශිෂ්‍යත්ව අයැදුමට තවත් අවස්ථාව

ජනමාධ්‍ය ශිෂ්‍යත්ව අයැදුමට තවත් අවස්ථාව

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම උදෙසා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය පිරිනමන ශිෂ්‍යත්ව ලබා ගැනීමට කැමැත්තක් දක්වන ජනමාධ්‍යවේදීන්ට ඒ සඳහා නොපමාව ඉල්ලීම් කරන ලෙස ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කරයි.

ජනමාධ්‍යවේදීන් 75 දෙනකුට පසුගියදා මාධ්‍යවේදී අධ්‍යාපන පුහුණු පාඨමාලා සඳහා ශිෂ්‍යත්වාධාර සැපයීම සිදු කළ අතර මෙය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමා අදහස් කරන බව ඇමැතිවරයා සඳහන් කරයි.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාටත් නිදහස් මාධ්‍යවේදීන්ටත් ශිෂ්‍යත්වාධාර ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා