විජේරාම සිංහ සමාජයෙන් ප්‍රජා සත්කාර රැසක්

විජේරාම සිංහ සමාජයෙන් ප්‍රජා සත්කාර රැසක්
 

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය මර්වින් සිල්වා, සිංහාධිපති සිංහ තිලක් පෙරේරා සහ එම මහත්මිය ෆෑන් ඒෂියා බැංකුවේ කළමනාකාරිනී මෙගා ප්‍රනාන්දු මහත්ම මහත්මීහු විජේරාම සිංහ සමාජයේ (306 සී 2) සභාපති ජුඩ් නිශාන්ත මහතා විසින් උත්සව සභාව වෙත කැඳවාගෙන යනු ලැබූ අයුරු.
ඡායාරූපය - හැඳල විශේෂ

ජාත්‍යන්තර සිංහ සමාජය 306 සී 2 දිස්ත්‍රික්කයේ විජේරාම සිංහ සමාජයේ සභාපති සිංහ ජූූඩ් නිශාන්ත මහතා විසින් සංවිධානය කළ බහුවිධ සේවා ප්‍රජා ව්‍යාපෘතියක් පසුගියදා වත්තල සාන්ත ආනා දෙව්මැදුරු භූමියේදී පැවැත්විණි.විශේෂඥ වෛද්‍ය සේවාවක්, ඇස් කණ්නාඩි බෙදාදීමක්, පාසල් උපකරණ බෙදාදීමක්, වියළි ආහාර මලු බෙදාදීම, ගැබිනි මවුවරුන් සඳහා පෝෂණ ආහාර බෙදා දීම, දන්ත සායනයක් සහ ලේ දන්දීමක් ඇතුළු විශේෂාංග රැසක්ම මේ ව්‍යාපෘතිය යටතේ ඉටු කරන ලදී. මෙම ප්‍රජා සත්කාරක උත්සවයට මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා ද සිංහාධිපති තිලක් පෙරේරා ෆෑන් ඒෂියා බැංකුªවේ කළමනාකාරිණී මෙගා ප්‍රනාන්දු මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මේ රටේ ජීවත්වන අඩු ආදායම්ලාභී දරු පවුල්වල හැම අඩුපාඩුවකටම රජයටම විසඳුම් දීමට බෑ. ඒ සඳහා ඒ ඒ ප්‍රදේශවල ස්වේච්ඡා සංවිධාන ඒ දුගී දරු පවුල්වලට යම් යම් ආධාර උපකාර හැම අංශයකින්ම ඉටු කළ යුතුයි. දේශීය මෙන්ම විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල පරම යුතුකම මේ ජනතාවට සේවය කිරීමයි. ඒ සඳහා අද සිංහ සමාජය විශේෂිත මෙහෙවරක් අපේ රට තුළ සිදු කරනවා. ආර්ථික අතින් ඉතා දුර්වල මේ දරු පවුල් දෙපයින් නැගී සිටීමට ස්වයංරැකියා තුළින් ගන්නා උත්සාහය මල්ඵල ගැන්වීමට දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළ යුතුයි. ඒ සඳහා සිංහ සමාජය ගෙන යන ජනතා මෙහෙවර මේ අවස්ථාවේදී අගය කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා