ගල් පැටවූ ටිපර් රථවලින් ජනතාවට පීඩා

ගල් පැටවූ ටිපර් රථවලින් ජනතාවට පීඩා

කොළඹ – හයිලෙවල් මාර්ගයෙන් මීගොඩ සිට හංවැල්ල දක්වා මාර්ගයේ පස් සහ ගල් පැටවූ ටිපර් රථ අධික වේගයෙන් ධාවනය කිරීම නිසා ගැටලු රැසක් මතු වී ඇති බව මග දෙපස ජනතාව පෙන්වා දෙති.

රජයේ පාසල් දෙකක් පවතින අතර පාසල ඉදිරිපිට කහ ඉර ගැනවත් නොසිතා වේගයෙන් ධාවනය වන ටිපර් රථ වලින් පාසල් දරුවන් විවිධ අනතුරු වලට භාජනය විය හැකි බව මවුපියෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා