කෑගල්ලේ දිප්පිටිය නගරයේ ඉඩකඩ නෑ: පහසුකම් අඩුයි

කෑගල්ලේ දිප්පිටිය නගරයේ ඉඩකඩ නෑ: පහසුකම් අඩුයි

කෑගල්ල, දිසාවේ මාවනැල්ල අරණායක මහා මාර්ගයේ පිහිටි දිප්පිටිය නගරය ජනතාව විශාල ලෙස පැමිණෙන ප්‍රධාන නගරයකි. නමුත් අද එම නගරය අපිරිසුදු අක්‍රමවත් බලවත් අප්‍රසාදයට ලක්වුණු නගරයක් බවට පත්ව තිබේ. වෙළෙඳ පොළ ගොඩනැගිල්ලේ වෙළඳාම් කළ හැක්කේ වෙළෙඳුන් හත්අට දෙනෙකුට පමණි. ග්‍රාම සේවා වසම් 61 ගම්මාන සිය ගණනාවක ජනතාව මේ ඉරිදා පොළට පැමිණෙති.

දිප්පිටිය නගරයට එසේ පැමිණෙන ජනයාටත් පාසල් රාශියක අධ්‍යාපනය ලබන දරුවන් අති විශාල පිරිසකටත් නගරයට පැමිණ නිවී සැනසිල්ලේ තම අවශ්‍යතා සපුරාගෙන ආපසු නිවෙස් බලා යන්නට මේ නගරය තුළ ඉඩ කඩ නොමැත. බස් නැවතුම් පොළද ඉතාම අපිරිසුදුය. වැසිකිළි හා වෙනත් ව්‍යාපාරික ගොඩනැගිලිද අබලන්ය.

දිප්පිටිය නගරයේ අඩු පාඩු සම්පූර්ණ කරන්නට අදාළ බලධාරීන් වෙත කරන ලද ඉල්ලීම් හා යෝජනාවත්ද මෙතෙක් ඉටු කර නැති බව ද පැවසේ. අරණායක ආසනය පුරා ගම් නියම් ගම් වල මග නැගුම ගම නැගුම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් සිදු කර ඇතත් දිප්පිටිය ජනාකීර්ණ නගරය දිනෙන් දිනම පිරිහීමට ලක්ව තිබේ.
 

දිප්පිටිය පොදු වෙළෙඳ පොළ ඉඩකඩ මදිකම නිසා ඉරිදා දිනයේ ප්‍රධාන මාර්ගයේ වෙළෙඳාම් කරන පිරිස්

බස් නැවතුම් පොළ අපිරිසුදුව ඇති අයුරු

දුගද හමන වැසිකිළි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා