යක්කල කෝන්ගහවත්තට පාරක් නැහැ: ජනතාව අසීරුවේ

යක්කල කෝන්ගහවත්තට පාරක් නැහැ: ජනතාව අසීරුවේ

විදුලිය දෙන පොරොන්දුව තවම ඉටු වී නෑ

යක්කල නුවර පාර ආසන්නයේ කෝන්ගහවත්ත පටු මඟ පදිංචි පවුල් ගණනාවකට ගමන් කිරීමට නිසි පාරක් නොමැතිකමින් විදුලිය ලබා ගැනීමේ අපහසුතාවට පත්ව ඇත.ප්‍රදේශවාසීන් තම නිවාසවලට විදුලිය අපේක්ෂාවෙන් නිවාස වයරින් කර ඇත. වසර ගණනාවක සිට විදුලිය ලබා දෙන ලෙස ඉල්ලුවත් තවමත් ඉටු නොවූ බව ඔවුහු කියති. නිවාස ආසන්නයේ අක්කර පහක පමණ විශාල ඉඩමක් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සතුව තිබෙනවා. එම ඉඩමෙන් සුළු කොටසක් හෝ අපට ගමන් කිරීමට හා විදුලිය ලබා ගැනීමට ලබා දෙනවා නම් හොඳයි.

එච්. එම්. එම්. හේරත් මහතා ජනතාව මේ ඉල්ලීම වසර ගණනාවක සිට කරනවා. ඒ වගේම ඔවුන්ට ගමන් කිරීමට නිසි මාර්ගයක් තනා දෙන ලෙසත් ඉල්ලනවා.

ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජී. ඒ. ගුණරත්න මහතා මේ නිවාස ඉදිරිපිට ඇති ඇළ මාර්ගය කොන්ක්‍රීට්කර ඒ මත කොන්ක්‍රීට් ලෑලි දමා පාරක් සේ සකසා ප්‍රදේශවාසීන්ට පහසුවෙන් යාමට ඒමටත් විදුලිය නැති නිවාස කිහිපයකට විදුලිය ලබා දීමත් කළ යුතු ය. මේ සම්බන්ධව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට කටයුතු කරනවා. මේ සම්බන්ධව අවධානය යොමු කොට ප්‍රදේශයේ පදිංචි පවුල් සඳහා විදුලිය ලබා දීමට කටයුතු යොදන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලති.
 

වසර දහයක සිට වයරින් කර විදුලිය ලැබෙන තුරු සිටින නිවෙසක් පෙන්වමින්.

ඇළ කැලෑවෙන් වැසි ඇති අයුරු සහ නිවසට යෑමට යොදා ඇති ලෑල්ලක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා